27 C
Colombo
Monday, September 9, 2024

මිනින්දෝරුවන්ගේ අත්හිටවූ වැටුප් ගැන තීරණයක්

- Advertisement -

රජයේ මිනින්දෝරු සංගමය විසින් දියත් කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වනවිට අත්හිටුවා තිබෙන රජයේ මිනින්දෝරුවන්ගේ වැටුප් කොන්දේසිවලට යටත්ව ගෙවීම් සිදුකිරීමට සූදානම් බව නීතිපතිවරයා අද (04) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබෙනවා.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් හේතුවෙන් සිය වැටුප් අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රජයේ මිනින්දෝරු සංගමය විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (03) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කනිෂ්කා ද සිල්වා මහත්මිය මේ බව දැනුම් දුන්නා.

මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, යසන්ත කෝදාගොඩ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබුවා.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීමට එරෙහිව දියත් කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් තමන්ට හිමිවිය යුතු ජූලි සහ අගෝස්තු මාසවලට අදාළ වැටුප් ගෙවීම අත්හිටුවීම තුළින් සිය මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවයි.

වැඩිදුරටත් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ පෙත්සම්කාර මිනින්දෝරුවන් රජයේ ව්‍යාපෘතිවලට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එම ව්‍යාපෘතිවලට අත්සන් කරන්නේ නම් ඔවුන්ට අත්හිටුවා ඇති වැටුප් ගෙවීමට සූදානම් බවත් ය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ව්‍යපෘති පෞද්ගලික මිනින්දෝරුවන්ට පැවරීම අත්හිටුවන්නේ නම් අදාළ ව්‍යාපෘතිවලට අත්සන් කර නඩුව සමථයකට පත් කරගත හැකි බව සඳහන් කළා.

ඒ අනුව මෙම පෙත්සම සම්බන්ධ කරුණු තහවුරු කිරීම සඳහා දිනයක් ලබාදෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පෙත්සම ලබන මස 13 වනදා කරුණු සලකා බැලීම සඳහා කැඳවන ලෙසත් විනිසුරු මඩුල්ල නියෝග කළේය.

RECENT ARTICLES - SINHALA

කන්කසන්තුරේ වරාය සංවර්ධනයට ඉන්දියාවෙන් ආධාර

කන්කසන්තුරේ වරාය පුළුල් කර සංවර්ධනය කිරීම පිණිස ඉන්දීය රජය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 65ක මුදලක් ලබා දීමට එකග වී ඇති බව ඉන්දීය මධ්‍යම රජය...

ජනපති අපේක්ෂකයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක්

ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරිම සඳහා ජනාධිපති අපේක්ෂකයින් හෝ ඔවුන්ගේ නියෝජිතයින් අද (09)මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා. එම කොමිසම පැවසුවේ, අද පෙරවරු 10.00 ට...

තාවකාලික හැඳුනුම්පතක්

මෙවර 2024 ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට වලංගු හැඳුනුම්පතක් නොමැති ඡන්ද දායකයින් සඳහා තාවකාලික ඡන්ද හිමි හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිසම පවසනවා. එම...

POPULAR ARTICLES

මහ බැංකුවෙන් සුබ ආරංචියක්

භාණ්ඩ අපනයනකරුවන්ට තම අපනයන ඉපැයීම් ශ්‍රී ලංකා රුපියල්වලට පරිවර්තනය කිරීම සඳහා දී තිබූ කාල සීමාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලිහිල් කර තිබෙනවා. සාර්ව...

ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම් කරන්නැයි එංගලන්තයේ දී විරෝධයක්

ශ්‍රී ලංකා එංගලන්ත තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය ආරම්භයට පෙර ඕවල් ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටදී අද (08) විරෝධතාවක් පවත්වා තිබෙනවා. එය සංවිධාන කර තිබුණේ,...

Breaking :හදිසියේම අනුර ජාතිය අමතයි (වීඩියෝ)

අනුර කුමාර දිසානායක මහතා අද (05) ජාතිය අමතා විශේෂ ප්‍රකාශක් සිදු කළා. තීරණාත්මක මැතිවරණයක් සැප්තැම්බර් 21 පැවැත්වෙන බවත් එය රටටත් ජනතාවටත් ඉතා තීරණාත්මක බව...