ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පවසනවා.
ඊයේ(28) පස්වරුවේ දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට මහනුවරට පැමිණි අවස්ථාවේදී ඔහු ඒ බව සඳහන් කළා.
මේ වන විට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් ඇති බවත්, ඒ හිඟයට විකල්ප පිළිතුරක් ලෙස වෙනත් රාජකාරිවල යොදවා සිටි නිලධාරීන් අවශ්‍යතාවය මත මහජන සේවය නිසි ආකාරව ඉටුකිරීම සඳහා යොදවාගන්න බවත් වැඩබලන පොලිස්පතිවරයා මෙහිදී පවසා සිටියා.
ඔවුන්ගෙන් පිරිසක් විශේෂයෙන් අපරාධ වැළැක්වීම සඳහා යොදාගැනිමට කටයුතු කරන බවද ප්‍රියන්ත වීරසූරිය මහතා මෙහිදී සඳහන් කළා.
එමෙන්ම, පසුගිය සමයේ ක්‍රියාත්මක වු ‘යුක්තිය’ මෙහෙයුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වැඩබලන පොලිස්පතිවරයා පැවසුවේ, එම මෙහෙයුම ක්‍රියාත්මක වීමේ සිදුවුණ අඩුපාඩු නිවැරදි කරමින් පොලීසියට අණපනත්වලින් ලැබී ඇති බලතල අනුව පොලීසිය මෙහෙයුම් කටයුතු ඉදිරියේදී නොනවත්ව සිදුකරන බවයි.