ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.
විශ්වාසදායක කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ පසුගියදා ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ දී කණ්ඩායම මුහුණ දුන් සිදුවීම් හා ඒ ආශ්රිත කරුණු විමසීමට පත් කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව පදනම් කරගනිමිනුයි.
මෙවර ලෝක කුසලාන තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිලධාරීන් 16 දෙනෙක් ඕස්ට්‍රේලියාව බලා යාම මෙන්ම විමර්ශන කමිටුව හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් කළ පරස්පර විරෝධී ප්‍රකාශ ද මීට බලපා ඇති බවයි වාර්තා වන්නේ.