24 C
Colombo
Sunday, February 16, 2025

ඉදිරි මැතිවරණයට පොහොට්ටුව සන්ධානගත වීමේ තීරණයක?

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය අද (31) රැස්ව තිබෙනවා.

අද පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විජේරාම පිහිටි නිවසේදී මෙම සාකච්ඡාව පැවැති බව වාර්තා වනවා.

එහිදී ප්‍රධාන වශයෙන් ඉදිරි මැතිවරණ සඳහා තරග කරන ආකාරය සම්බන්ධව සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබෙනවා.

දේශපාලන මණ්ඩල සාමාජිකයින් මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ සන්ධානගතව ඉදිරි මැතිවරණ සඳහා තරග කිරීමට වඩාත් යෝග්‍ය බවයි.

අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා කියා සිටියේ,

“පක්ෂ කිහිපයක් එක්ක සන්ධානගත වෙලා ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වෙන්න සාකච්ඡා කරලා තියෙනවා. ඒත් අවසන් තීරණයක් ගෙන නැහැ. ඒත් අපි සංවිධායකවරු පත් කරලා පක්ෂ සංවිධායක කටයුතු සිදුකරන්න මෙහිදී සාකච්ඡා කළා. දේශපාලන පක්ෂ එක්ක සාකච්ඡා කරන්න සාකච්ඡා ලැබිලා තියෙනවා. ඒ වගේම අපි ආරාධනා කරලා තියෙනවා. කොහොම වුණත් ඉදිරියේදී මේ ගැන තවත් සාකච්ඡා කරනවා. යම් හෙයකින් සන්ධාන ගතවුණොත් බැලට් පේපරෙනුත් පොහොට්ටුව හැලෙන්න පුළුවන්.”

කෙසේ වෙතත්, සන්ධාන ගතව ඉදිරි මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට අවසන් තීරණයක් ගෙන නොමැති බව මෙහිදී අදහස් දක්වමින් පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂද මහතා පැවසුවා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ,

“පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙළ ප්‍රතිසංවිධාන කටයුතු සහ මැයි දිනය ගැන අපි අද සාකච්ඡා කළා. වැඩකරන ජනතාව විදිහට මැයි දිනය සමරන්න මැයි දිනය සමරන්න අපි තීරණය කළා. ආසනවල ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිටත් ආරම්භ කරලා තියෙන්නේ. ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ සී.බී රත්නායක මේ ගැන පක්ෂ නියෝජතයින් දැනුම්වත් කළා. පොහොට්ටුව ඉවත් කරලා යන්න අදහස් නැහැ. ඒත් සන්ධානගත වීමක් වුණොත් අපිට ඒ ගැන තීන්දුවක් ගන්න වෙනවා. නමුත් දැනට එහෙම දෙයක් නැහැ. බහුතරයකගේ මතය වෙන්නේ එලැඹෙන ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තරග කළ යුතුයි කියලා.”

RECENT ARTICLES - SINHALA

මියන්මාරයේ සිරවී සිටි තවත් ලාංකිකයින් පිරිසක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 17 දෙනෙකු ගෙන් 13දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා. මෙලෙස නිදහස් කර ගෙන ඇත්තේ, තරුණයින් 11 දෙනෙකු...

සා/පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනසක් නැහැ

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල යටතේ විභාග ක්‍රමය හෝ සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විෂය නිර්දේශ වෙනස් නොකරන බව ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය...

හරියටම ඔත්තු දුන්නොත් පොලීසියෙන් මිලියනයක තෑග්ගක්

වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ...

POPULAR ARTICLES