පාර්ලිමේන්තු පිවිසුම අසල යුද හමුදාවට අයත් ඩිෆෙන්ඩර් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
ඒ හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම අසල මාර්ගයේ රථවාහන තදබදයක්ද හටගෙන තිබු බවට වාර්තා වනවා
ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් මෙම ඩිෆෙන්ඩර් රථය අද (25) උදෑසන 05.30ට පමණ අනතුරට ලක්ව තිබුණා.
පැලවත්ත දෙස සිට පාර්ලිමේන්තු මාර්ගය ඔස්සේ බොරැල්ල දෙසට ගමන් කරමින් තිබියදී ඩිෆෙන්ඩර් රථය දියවන්නා වගුරට වැටී තිබෙන බවයි පැවසෙන්නේ.
අනතුර වන අවස්ථාවේ එහි රියදුරු පමණක් සිට ඇති අතර ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නැහැ.
අනතුරට ලක්වු රථය ඉවත් කිරිමට පැය දෙකකට ආසන්න කාලයක් ගතවු අතර මේ නිසා පාර්ලිමේන්තු මාර්ගය රථවාහන තදබදයක්ද හටගෙන තිබු බවයි පැවසෙන්නේ.