ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් ඩිෆෙන්ඩර් රථයක් තලාව ප්‍රදේශයේදී අනතුරකට ලක්ව තිබෙනවා.
තලාව පොලීසිය පවසන්නේ මෙම අනතුරෙන් තුවාල ලැබූ සිවුදෙනෙකු රෝහල් ගතකර ඇති බවයි.
තුවාලකරුවන්ගෙන් දෙදෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවද වාර්තා වෙනවා.
ඊයේ (31) යාපනයේ පැවති උත්සවයකට සහභාගි වී නැවත කොළඹ බලා පැමිණෙමින් සිටියදී අදාළ ඩිෆෙන්ඩර් රථය අද (1) අළුයම 1ට පමණ අනතුරකට ලක්ව තිබුණා.
අනතුරින් තුවාල ලැබූවන් ඔවුන් සමග පැමිණි වෙනත් වාහනයකින් තලාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩි ප්‍රතිකාර සඳහා අනුරාධපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාලකරුවන්ගෙන් රියදුරු ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් බවත්, අනෙකුත් අයට ශ්‍රී ලංකා පොලීසියට අනියුක්තවය සේවය කරන ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් බවද සඳහන් වෙනවා.
පොලීසිය සැක පළ කරන්නේ රියැදුරුට නින්ද යාම අනතුරට හේතුව වී ඇති බවටයි.