29 C
Colombo
Saturday, January 18, 2025

ඉන්දියාව එක්ක ඩිජිටල් ගිවිසුමක්

- Advertisement -

ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

තොරතුරු තාක්ෂණයේ සහ ඩිජිටල් නවෝත්පාදනයේ ප්‍රමුඛයා වශයෙන් ඉන්දියාව ඉ-රාජ්‍ය පාලනය, මුල්‍ය තාක්ෂණ ක්‍රමවේද, කෘත්‍රිම බුද්ධිය සහ ඩිජිටල් යටිතල පහසුකම් වැනි ක්ෂේත්‍ර වල අත්කරගෙන ඇති විශේෂඥ දැනුම බහු විධ ක්‍රියාකාරකම් හරහා ශ්‍රී ලංකාවේ ධිජිටල් සංවර්තනය සඳහා ලබා ගැනීමට හැකියාව පවතිනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ඉන්දියාවේ ඉලෙක්ට්‍රොනික හා තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීමට දෙපාර්ශ්වය අතර මූලික එකඟතාවකට පැමිණ තිබෙනවා.

එමඟින්, ඩිජිටල් සංවර්තන ක්ෂේත්‍රයේ නිලධාරීන්ගේ ධාරිතා වර්ධනය කිරීමට සහ ඩිජිටල් සංවර්තන විසඳුම් ක්‍රියාත්මක කිරීමේදී දෙරට අතර ආයතනික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමට හැකියාව ලැබෙනු ඇති.

ඒ අනුව, යෝජිත අවබෝතා ගිවිසුමට අත්සන් තැබීම පිණිස ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා.

RECENT ARTICLES - SINHALA

ඊ – ටිකට් ජාවාරමට දුම්රිය සේවකයෙක්ගේ වැඩ තහනම්

දුම්රිය ඊ ප්‍රවේශපත්‍ර ජාවාරමට සම්බන්ධ යයි චෝදනා එල්ල වී සිටින මාකුඹුර දුම්රිය ස්ථානයේ සේවයේ නිරතව සිටි දුම්රිය සේවකයෙකුගේ සේවය අත්හිටුවීමට පියවර ගත් බව දුම්රිය...

සඟවා තිබූ ජීප් රථයක් හා වාහන චැසි දෙකක් සොයා ගැනේ

කූඨ ලේඛණ සකස් කර භාවිත කළ තවත් ජීප් රථයක් හා වාහන චැසි දෙකක් මාතලේදී අත්අඩංගුවට ගැනුණා. දින කිහිපයකට පෙර මාතලේ ප්‍රදේශයේදී ජීප් රථ කිහිපයක් සමග...

දේශපාලන සිරකරුවන් දැන්වත් නිදහස් කළ යුතුයි

පැරැණි ප්‍රශස්ති පසෙක තබා දෙමළ දේශපාලන සිරකරුවන්ව වත්මන් ආණ්ඩුව නිදහස් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා පවසනවා. දේශපාලන සිරකරුවන් යැයි...

POPULAR ARTICLES