26 C
Colombo
Wednesday, October 4, 2023

ගම්මන්පිලගේ ප්‍රශ්නය ගැන විමල්ගේ ගෙදර සාකච්ඡාවක් (වීඩියෝ)

- Advertisement -

ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් රජය අපහසුතාවයට පත්කර ඇති බවට චෝදනා නගමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කර ඇති නිවේදනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මේ වන විට ආණ්ඩු පක්ෂයේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු රැස්ව තිබෙනවා.

මලලසේකර මාවතේ පිහිටි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ නිවසේ රැස්වී ඇති මෙම පිරිස උදය ගම්මන්පිල අමාත්‍යවරයා ඉලක්ක කරගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සිදුකල ප්‍රකාශය හා ඒ සම්බන්ද ඉදිරි ක්‍රියාමාර්ග සාකච්ඡා කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

අදාළ සාකච්ඡාවට වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙන්ම අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පූජ්‍ය අතුරලියේ රතන හිමිද සහභාගීවී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිවේදනය සම්බන්දයෙන් තම මතය ප්‍රකාශ කිරීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අද (13) පස්වරු 2 ට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබෙනවා.


RECENT ARTICLES - SINHALA

ආනයන සීමා ඉවත් කිරීම ගැන තීරණයක්

වාණිජ වාහන 67ක සහ එච්.එස් කේත 299කට අයත් භාණ්ඩවලට පනවා ඇති ආනයන සීමා ලබන සතියේ ලිහිල් කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්...

නුවරඑළියේ කේබල් කාර් ව්‍යපෘතියේ වැඩ අතරමඟ නැවතිලා

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු විසින් කඳු ප්‍රදේශයක ඉඩමකට අවසර ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් නානුඔය සිට නුවරඑළිය දක්වා ගමන් කිරීමට නියමිත කේබල් කාර් මාර්ගයේ ඉදිකිරීම්...

සූදු පොළකින් මුදල් සොරකම් කළ පොලිස් පරීක්ෂකගේ වැඩතහනම්

මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ පිහිටි ලැගුම් හලක සූදු කෙළිමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගෙන එම සූදු කූඩු පොලේ තිබූ රුපියල් 343,500ක මුදලක් වංචාවෙන් ලබාගත් බව...

POPULAR ARTICLES

නිපා වෛරසය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

නිපා වෛරසය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට වැඩි අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළේ, ඉන්දියාවේ කේරළ...

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ සිසුන්ට දැනුම් දීමක්

උසස් පෙළ හා සාමාන්‍ය පෙළ අවසන් වූ වහාම එම සිසුන් සඳහා වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇති බව අධ්‍යාපන අමාත්‍ය...

රන් මිල පහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (02) රන් මිල පහළ වැටීමක් සිදු වී තිබෙන බවට වාර්තා වනවා. ඒ අනුව අද රන් මිල ගණන් වන්නේ, රන් අවුන්සය - රු.597,449.00 කැරට්...