28.4 C
Colombo
Sunday, May 18, 2025

මැතිවරණ ලොක්කෝ සහ නිරීක්ෂකයන් අතර සාකච්ඡාවක්

- Advertisement -

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් සහ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් රාජගිරිය  මැතිවරණ මහලේකම් කාර්යාලයේදී හෙට (17) පැවැත්වෙනවා.

නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය ( ඇන්ෆරල්) සහ  පොදු රාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන්  මෙම සාකච්ඡාවට සහභාගී වන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසුවා.

මේ අතර ඡන්ද විමසීමට අදාල සියලු කටයුතු සූදානම් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ට දිය යුතු සියලුම උපදෙස්ද  නිකුත් කර අවසන් ඇති බවත් සභාපතිවරයා සඳහන් කළා.

මෙවර ජනාධිපතිවරණයේදී වෙනදාට වඩා ජනතාව උනන්දුවෙන් ඡන්දය පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පෙරවරුවේම ඡන්ද පොළට ගොස් සිය ඡන්දය පාවිච්චි කරන ලෙස රත්නායක මහතා  සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අනෙකුත් මැතිවරණවලට සාපේක්ෂව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවල සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බවත්  එය හොඳ ප්‍රවණතාවක් බවයි ඔහු සඳහන් කළේ.

බොහෝ ආධාරකරුවන් වැරදි පෙන්වා දුන් පසු ඒවා නිවැරදි කරගෙන කටයුතු කළ  බවද ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් පැවසුවා.

RECENT ARTICLES - SINHALA

නලින්ද ස්විට්සර්ලන්තයට

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (18) පෙරවරුවේ ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වන වාර්ෂික මහා...

දිස්ත්‍රික්ක කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසට අදාල...

කඩුවෙල මහේස්ත්‍රාත්වරියගේ සේවය අත්හිටුවලා

0
කඩුවෙල මහේස්ත්‍රාත් චානිමා විජේබන්ඩාර මහත්මියගේ සේවය අත්හිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව කටයුතු කර තිබෙනවා. ඒ එම අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත්වරයෙක් සමඟ නිල චෙම්බරය තුළ රහසේ ලිංගිකව...

POPULAR ARTICLES