26 C
Colombo
Wednesday, January 22, 2025

සීගිරියේ සංචාරක ගැටලු විසඳන්න සාකච්ඡාවක්

- Advertisement -

දෙස් විදෙස් සංචාරකයින්ට සීගිරිය ප්‍රදේශයේදී මුහුණ දෙන ගැටලු විසඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීම වෙනුවෙන් වන සාකච්ඡාවක් අද (03) විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේදී පැවැත්වුණා.

මේ සඳහා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මධ්‍යම සංස්කෘතික අරමුදල, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් සහභාගී වී තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී ප්‍රවේශ පත්‍ර කවුළුවල දිගු පෝලිම්, ප්‍රථමාධාර ස්ථාන නොමැතිකම, ප්‍රමාණවත් ජල පහසුකම් නොමැති වීම සහ බඹර ප්‍රහාරයක දී ආරක්ෂාවීම ආදී කරුණු 15ක් සාකච්ඡා වු බවයි පැවසෙන්නේ.

මෙහිදී අදහස් දක්වමින් සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ මහතා පැවසුවේ දෙසැම්බර් මස අන්තිම සතිය වන විට දිනකට 11,000කට අධික සංචාරකයින් ප්‍රමාණයක් දිවයිනට පැමිණ ඇති බවත් එළැඹෙන වසරේ සංචාරකයින් ලක්ෂ 30ක් මෙරටට ගෙන්වීමට අපේක්ෂා කරන බවත් ය.

මේ හේතුවෙන් ජාතික අවශ්‍යතාවක් සේ සලකා සංචාරක කර්මාන්තය සාර්ථක කර ගැනීමට සියලු දෙනා එක් විය යුතු බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

රනිල් දුන්න බාර් පර්මිට් අහෝසි කරන්න බැහැ  – බිමල්

ජාතික ජන බලවේග ආණ්ඩුව නව මත්පැන් බලපත්‍ර ලබා නොදෙන බවත්,පසුගිය රජය නීත්‍යනුකූලව ලබා දුන් මත්පැන් බලපත්‍ර නවතා දැමීමට කටයුතු කළහොත් නීතිමය ගැටලුවකට මුහුණ දීමට...

POPULAR ARTICLES