28 C
Colombo
Tuesday, December 10, 2024

පැටීගේ ඝාතන ලැයිස්තුවේ ප්‍රසිද්ධ ගායකයෙක් සහ රංගන ශිල්පියෙක් ?

- Advertisement -

පාතාල ලෝකයේ‍ ප්‍රබල නායකයන් ලෙස සැළකෙන ප්‍රංශයේ සැඟව සිටින කංජිපානි නමැත්තා සහ ඩුබායි හි සැඟව සිටින ලොකු පැටී නමැත්තා මෙරටට ජනප්‍රිය ගායකයකු සහ රංගන ශිල්පියකු ඇතුළු හත්දෙනකු ඝාතනය කිරීමට සැලසුම් සකස් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇතැයි ලංකාදීප පුවත්පත වාර්තා කරනවා.

එම වාර්තාවට අනුව ජනප්‍රිය ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු හත්දෙනා පාතාලයන්ගෙන් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඒවා යළි නොදුන්නේ යැයි කියමින් ඝාතනය කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව පැවසෙනවා.

ඝාතන ලැයිස්තුවේ සිටින බව කියන මෙම ගායකයා සහ රංගන ශිල්පියා ඇතුළු කිහිපදෙනකු මීට වසර කිහිපයකට ඉහත දී පාතාල පාර්ශවයක් සංවිධානය කළ උත්සවයකට සහභාගිවීමට ඔවුන් සැඟව සිටින රටටද ගොස් තිබෙනවා.

මෙම ඝාතන සැලැස්ම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා පවසා තිබුණේ මෙවැනි ආරංචියක් පැතිරයමින් පවතින බවයි.

ඒ අනුව මෙම සැලැස්මේ ඇත්ත නැත්ත සොයාබැලීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් යොදවා කරගෙන යන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

ෆාස්ටර් ජෙරම්ට රැවටෙන්න එපා – රදගුරු සම්මේලනය

ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පැහැදිලි කර තිබෙනවා. “කතෝලික...

ජනකට අධිකරණයෙන් දුන් නියෝගය

කිරුළපන ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පරිගණක සේවා සැපයීම් ආයතනයක් වෙනුවෙන් රජයට ගෙවිය යුතු රුපියල් තුන් කෝටියකට අධික වැට් බදු හා ආදායම් බදු එම සමාගමේ අධ්‍යක්ෂකවරුන්...

පොත් ප්‍රකාශකයින්ගේ සංගමයෙන් ඉල්ලිමක්

මුද්‍රිත පොත් වෙනුවෙන් පනවා තිබෙන වැට් බද්ද හේතුවෙන් ප්‍රකාශන ක්ෂේත්‍රය විශාල අර්බුදයකට සහ ව්‍යාකූල තත්ත්වයකට පත්ව තිබෙන බව ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය පවසනවා. '2024...

POPULAR ARTICLES

භාරතීය නළු නිළියන් පිරිසක් දිවයිනට

දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹෙන ගෞතම බුද්ධ මාතා සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතවලට පණ පොවන පාල්ගුණී ඛන්නා, අදිති සිං, තුෂාර් චිබ්බර් සහ හිමන්ෂි ජෛන් මෙරටට...