පට්ටිපොළ පොලිස් වසමේ අඹේවෙල සත්ත්ව ගොවිපොළේ සතුන්ට ආහාර බෙදා හරිමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඊයේ (14) දහවල් කාලයේදී එම අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.
එලෙස මියගොස් ඇත්තේ, සිරිසමන්ගම, අඹේවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ගොවිපොළේ වැඩ පරීක්ෂකවරයෙක්.
මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් ට්‍රැක්ටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පට්ටිපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.