32 C
Colombo
Friday, January 17, 2025

රෝදයක් නිසා සිදුවු මාරක අනතුරක්

- Advertisement -

ධාවනය වෙමින් තිබූ වෑන් රථයක පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෙම අනතුර සිදුවී තිබුණේ, ඊයේ (26) සවස් කාලයේ මාවතගම පොලිස් වසමේ මහනුවර කුරුණෑගල මාර්ගයේ උදාරගම ප්‍රදේශයේදී .

මහනුවර දෙස සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ වෑන් රථයේ පිටුපස දකුණු පැති රෝදය ගැලවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි ත්‍රීරෝද රථයක වෑන් රථය ගැටී තිබුණා.

එහිදී ත්‍රීරෝද රථයේ ගමන් කළ රියදුරු සමග පසුපස අසුනේ සිටි තිදෙනෙකු හා වෑන් රථයේ රියදුරු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කළ බවයි පැවසෙන්නේ.

එම අනතුරෙන් මියගොස් තිබුණේ ත්‍රීරෝද රථයේ ගමන් කළ වයස අවුරුදු 60 ක් වූ දොඩවෙල, මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මෘතශරීරය කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර මාවතගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

RECENT ARTICLES - SINHALA

මාධ්‍යවේදී එක්නැලිගොඩගේ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය කල්තැබේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් පිරිසකට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි...

කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සක්‍රීය ඊසාන දිග මෝසම් තත්ත්වය හේතුවෙන් හෙට (18) සිට උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අපේකෂා කරන බව කාලගුණවිද්‍යා...

රත්මලානෙන් නාඳුනන කාන්තා මළ සිරුරුක් හමුවෙයි

රත්මලාන, ලුනාව ඇල ව්‍යාපෘතියට අයත් බෝධිරුක්කාරාම විහාරස්ථානය අසල කලස ඇල මාර්ගයේ තිබී නාදුනන කාන්තා මළසිරුරක් අද (17) වන දින උදෑසන හමුවී ඇතැයි ගල්කිස්ස පොලිසිය...

POPULAR ARTICLES