පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් මේ වන විට පාපැදි සඳහා අධික ඉල්ලුමක් පවතිනවා.
බොරැල්ලේ පිහිටි ප්‍රසිද්ධ පාපැදි අලෙවිසැලක් වන ‘සයිකල් බසාර්’ ඉදිරිපිට අද (30) පෙරවරුවේ පටන් එම ආයතනය විවෘත කරන තෙක් පාරිභෝගිකයන් රැසක් පෙළගැසී සිටින අයුරු දක්නට ලැබුණා.
ඔවුන් පවසන්නේ පසුගිය දින කිහිපයේ පටන්ම මෙම ස්ථානයෙන් පාපැදි මිලදී ගැනීමට විශාල පිරිසක් පැමිණෙන බවයි.
මීට අමතරව දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලද පාපැදි සඳහා වැඩි ඉල්ලුමක් ඇති වී තිබෙන අතර මේ හේතුවෙන් පාපැදි මිලද ඉහළ ගොස් තිබෙනවා.
රුපියල් 20,000 ක පමණ මුදලකට මිලදී ගත හැකිව තිබූ සාමාන්‍ය පාපැදියක් මේ වන විට රුපියල් 45,000 සිට 100,000 කට ආසන්න මිලකට අලෙවිවනවා.