මෙරට 70, 80 දශකයේ අතිශය ජනප්‍රියත්වයට පත් ගායකයෙකු සහ සංගීතවේදියෙකු වන ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ ජීවිත කතාව ඇසුරින් නිමැවුණු “ක්ලැරන්ස්” – Rhythm of the Guitar නවතම සිංහල චිත්‍රපටය 2025 ජූනි 27 වනදා සිට දිවයින පුරා සිනමාශාලාවල තිර ගත වෙනවා.
තේජා ඉද්දමල්ගොඩ ගේ අධ්‍යක්ෂණය නිමැවුණු මෙම සිනමාපටයේ නිෂ්පාදන දායකත්වය KCC නිර්මාතෘ තුසිත විජයසේන විසිනි.
රංගන ශිලිපී දමිත් විජේතුංග, චිත්‍රපටයේ ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ චරිතයට පණ පොවනු ලබනවා.
ඊට අමතරව, සාරංග දිසාසේකර, දිනක්ෂි ප්‍රියසාද් , ධනුෂ්ක ඩයස් , ඉඳුවර සූරියබණ්ඩාර, නිහාරි පෙරේරා, ඉශංකා ජහන්වී, ෆර්නි රෝෂිනි, ශ්‍රීමාල් වෙඩිසිංහ, වැනි ජනප්‍රිය රංඟන ශිල්පීන් රැසක් මීට රංගනයෙන් එක්වෙනවා.
එමෙන්ම, චිත්‍රපටයේදී 70, 80 දශකයේ මෙරට සංගීතයේ නැවුම් වෙනසක් කළ ‘ත්‍රී සීස්ටර්’ සංගීත කණ්ඩායමේ මල්ලිකා පෙරේරා, ඉන්දානි පෙරේරා සහ අයිරාංගනී පෙරේරා යන ගායිකාවන්ගේ චරිත නිරූපණය කරන්නේ දිනක්ෂි ප්‍රියසාද්,ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් යන තරුණ පරපුරේ රංගන ශිල්පිනියන් තිදෙනා විසින්.
ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු, ගීත රචකයකු හා සංගීතවේදියෙකු, ජනප්‍රිය වෙළඳ දැන්වීම් නිර්මාණකරුවෙකු, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදකවරයකු මෙන්ම චිත්‍රපට නිෂ්පාදන අධ්‍යක්ෂවරයකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා 2024දී අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත්තා.
2022 වසරේ තිරගත වූ ‘ආශාවරී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසි ඔහුගේ දෙවන සිනමා නිර්මාණය ක්ලැරන්ස්” – Rhythm of the Guitar චිත්‍රපටයයි.
චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්,