30 C
Colombo
Thursday, January 16, 2025

මගීන් අතරමග බැස්සූ බස් රියදුරුට සහ කොන්දොස්තරට දඩයක්

- Advertisement -

පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හමුවේ නීතිය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගමනාන්තයට නොගොස් මගීන් අතරමග බස්සවා පිටත්ව ගිය මාර්ග අංක 100 පානදුර – පිටකොටුව බස් රථයේ හිමිකරු, රියදුරා සහ කොන්දොස්තරවරයාට එරෙහිව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මෙලෙස ක්‍රියා කළ බස් රථයේ රියදුරාගේ සහ කොන්දොස්තරවරයාගේ සේවය ජනවාරි 15 වනදා දක්වා තහනම් කිරීමට පියවර ගෙන තිබුණා.

රියදුරාට රුපියල් 2,500ක දඩයක් සහ කොන්දොස්තරවරයාට රුපියල් 750ක දඩයක්ද පනවා තිබෙනවා.

එම කාලය ඇතුළත ඔවුන් දෙදෙනා වෙනත් බස්රථයක සේවය කළහොත් අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය අහෝසි කරන බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා.

එසේම, ජනවාරි 21 වනදා පුහුණුවක් සඳහා ඔවුන් දෙදෙනාව කැඳවීමටද කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව අදාළ බස් රථයේ මාර්ග බලපත්‍රය ජනවාරි 10 වනදා දක්වා පරීක්ෂණයකට යටත්ව අත්හිටුවීමටද මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය කටයුතු කර තිබෙන බවයි පැවසෙන්නේ.

RECENT ARTICLES - SINHALA

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

කළුබෝවිලත් වෙඩි තැබීමක්

0
කොහුවල පොලිස් වසමේ කළුබෝවිල ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ අද (16) දහවල් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. කොහුවල පොලීසිය පවසන්නේ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති...

Breaking: දුමින්දව ආයෙත් හිර‍ කූඩුවට

මරණීය දණ්ඩනය නියම වූ දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය සිර මැදිරියක් වෙත රැගෙන ගොස් තිබෙනවා. පසුගිය ජනවාරි 10 වෙනිදා දුමින්ද සිල්වා, වැලිකඩ බන්ධනාගාර...

POPULAR ARTICLES

රේගුවේ තවත් බහාලුම් 100ක් හිරවෙලා

බහාලුම් නිෂ්කාශනයේදී පවතින ප්‍රමාදය හේතුවෙන් ඔරුගොඩවත්ත RCT රේගු අංගනය තුළ සහ ඉන් පිටත මාර්ගයේ දිගු බහලුම් රථ පෝලිමක් අද (16) පෙරවරුවේ ද වාර්තා වුණා. නිෂ්කාශනය...

ගාසා තීරයේ සටන් විරාම ගැන තීරණාත්මක රැස්වීමක් පරක්කු වෙලා

ඊශ්‍රායලයේ ආරක්ෂක කැබිනට් මණ්ඩලය ගාසා තීරයේ හමාස් සමඟ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරු ගිවිසුමක් අනුමත කිරීම සඳහා සැලසුම් කර ඇති රැස්වීමක් ප්‍රමාද කර තිබෙනවා. ඊශ්‍රායල...

පොඩි ලැසී අත්අඩංගුවට

පාතාල කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස හැඳින් වෙන පොඩි ලැසී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ඉන්දියාවේ මුම්බායි හිදී යි. ඒ සම්බන්ධයෙන් මෙරටට දැනුම්දී ඇති බව...