28 C
Colombo
Saturday, April 19, 2025

ලංකාවට යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නැවක ගින්නක්

- Advertisement -

ඉන්දියාවේ ගෝවේ හි සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ යාත්‍රාව ගුජරාට් ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සමග ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට සහ යාත්‍රාවේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වූ බවයි.

කාර්වාර් සිට නාවික සැතපුම් 50 ක් පමණ දුරින් නෞනාවක දැවැන්ත ගින්නක් හටගෙන ඇති බවට MV Maersk Frankfurt වෙතින් ආපදා ඇමතුමක් ලැබී ඇති බව සඳහන්.

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ අදාළ නෞකාව ආපදාවට ලක්ව ඇති නෞකාව වෙත ආපසු හරවා යැවීමට බලධාරීන් පියවර ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...