27 C
Colombo
Friday, April 19, 2024

සීනි බදු වංචාව සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් ?

- Advertisement -

සීනි ආනයනයේදී රජයට 2020 ඔක්තෝබර් මස 14 වැනිදා සිට මේ වසරේ පෙබරවාරි 20 වැනිදා දක්වා වූ කාලයේදී රුපියල් කෝටි 1,600ක පමණ පාඩුවක් සිදුවී ඇතැයි මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවකින් අනාවරණය වී තිබුණි.

ඒ අනුව මෙරට ප්‍රධාන පෙළේ සීනි ආනයනකරුවන් කිහිපදෙනෙකු විසින් රජයට අපේක්ෂිත බදු ආදායම් අහිමි කරමින් රුපියල් කෝටි 1,600ක පමණ පාඩුවක් සිදුකර ඇතිබව අදාළ වාර්තාවෙන් අනාවරණය කර තිබේ.

මේ තත්ත්වය යටතේ මේ බදු ආදායම් අහිමිවීම සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් පැවැත්විය යුතු බවට ද එම වාර්තාවෙන් නිර්දේශ කර තිබුණි.

මෙලෙස පාඩුවක් සිදුවී ඇති බවට මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශන වලින් අනාවරණය කරගත් වාර්තාව ඊයේ (09) මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව වෙත භාරදී තිබේ.

2020 ඔක්තෝබර් මස 12 වන දින රුපියල් 50ක්ව පැවති සීනි ආනයන තීරු බද්ද ඔක්තෝම්බර් මස 13 දින නිකුත්කළ ගැසට් නිවේදනය අනුව ශත 25ක් දක්වා අඩු කෙරුණ ද වෙළඳපොළ තුළ සීනි මිලේ අඩුවක් එකළ දක්නට නොලැබුණි.

ඒ හේතුවෙන් 2020 නොවැම්බර් 10 වනදා නැවතත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ රුපියල් 125කට ආසන්න අගයක පැවති සුදු සීනි සඳහා උපරිම සිල්ලර මිල රුපියල් 85.00 කට සීමා කරමිනි.

එසේ වුවත් සීනි ආනයනය කරන ප්‍රධාන සමාගම් ඇතුළු අනෙකුත් ආනයනකරුවන් සීනි මිල අඩුකළ බවක් වෙළෙඳපොළ තුළින් නිරීක්ෂණය නොවූ බවත් ඒ වෙනුවට සීනි බදු අඩුකළ ඔක්තෝබර් මාසයේ සිට ගතවූ මාස 3ක කාලය තුළ සීනි මෙට්‍රික් ටොන් 320,000 ක් මෙරටට ආනයනය කර ඇති බවත් මුදල් අමාත්‍යාංශය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවේ දැක්වේ.

RECENT ARTICLES - SINHALA

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක්

කොළඹ පිටකොටුවේ අනවසර කඩ ඉදිකිරීම පිටුපස සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් සිටින බවට හෙළිවී ඇති බව කොළඹ මහ නගර සභාව සහ නාගරික සංවර්ධන අධිකාරිය පවසනවා. කොළඹ මහ...

විදේශිකයෙකුට වැඩි මුදලට ආහාර විකිණූ තවත් අයෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ ආපනශාලාවකදී විදේශීය ජාතිකයෙකු නොමඟ යවමින් අධික මිලකට උළුඳු වඩයක් සහ තේ කෝප්පයක් විකිණීමේ සිද්ධියට අදාළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (18)...

මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැකපිට පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, මාවතගම පොලිස් ස්ථානයට අනුයුක්තව...

POPULAR ARTICLES

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...