රත්තොට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා අත් අඩංගුවට ගෙන තිබෙනවා.
නීති විරෝධීව ත්‍රිරෝද රථ එකලස් කිරීමේ චෝදනා යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලද තොරතුරක් මත රත්තොට – ඇහැළ ගස්හින්න ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක් වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
අදාළ අලෙවිසැල තුළ සැකකරු විසින් ත්‍රී රෝද රථ කොටස් කර ඒවා අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලිසිය පවසන්නේ සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි.