25 C
Colombo
Saturday, May 24, 2025

ප්‍රංශ නාවික හමුදාවට අයත් නෞකාවක් දිවයිනට

- Advertisement -

ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව සුහද සංචාරයක් සඳහා ඊයේ (09) කොළඹ වරායට සේන්දු වුණා.

ලංකා නාවික හමුදාව විසින් හමුදා සම්ප්‍රදායානුකුලව නෞකාව පිළිගැනීම සිදුකරනු ලැබුවා.

මෙලෙස කොළඹ වරායට පැමිණි Hydrographic vessel වර්ගයට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව, දිගින් මීටර් 80.65ක් වන අතර, එහි නැව් මුළුව 58ක දෙනෙකුගෙන් සමන්විත වනවා. නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් BERTHEAU Dimitri කටයුතු කරනු ලබනවා.

මෙම නිල සංචාරයේදී ‘BEAUTEMPS BEAUPRE’ නෞකාවේ අණදෙන නිලධාරී හා කාර්ය මණ්ඩලය විසින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නිල හමුවීම් සිදුකර, ජල ශාස්ත්‍රීය සේවාව හා සම්බන්ධ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.

නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද නියමිතව ඇති අතර, නිල සංචාරයෙන් අනතුරුව නෞකාව ලබන 13 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

බිංගිරිය විද්‍යා පීඨයේ සිසුවියක් සියදිවි හානිකරගෙන

බිංගිරිය, වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිසුවියක ඊයේ (23) පස්වරුවේ සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසනවා. වයස අවුරුදු 23ක් වූ දෙවන වසරේ ශිෂ්‍යාවක් මෙලෙස සියදිවි...

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් ගැන රජයෙන් තීරණයක්

උතුරු නැගෙනහිර ජනතාවගේ ඉඩම් පවරා ගැනීමේ කිසිදු අරමුණක් රජයට නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා. ඇය පවසන්නේ, රජයේ අරමුණ ඉඩම් අයිතිය ඇති ජනතාවට...

සජබේ අවුලක්: තවත් තුනක් ඉල්ලා අස්වෙලා

ජාතික සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායකවරුන් තිදෙනෙකු අද (24) සිට සිය ආසන සංවිධායක ධූරවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මෙසේ ආසන සංවිධායක ධූරවලින්...

POPULAR ARTICLES

දසුන් ශානක යළි විස්සයි විස්ස සංචිතයට

ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමට නැවතත් දසුන් ශානක කැඳවීමට සූදානමක් පවතින බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සාමාජික උපුල් තරංග පවසනවා.  ඩේලී එෆ්.ටී පුවත්පත වෙත...