31 C
Colombo
Sunday, April 2, 2023

කබ්රාල්ට හා පීබීට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

- Advertisement -

රජයේ දේපල අවභාවිත කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සහ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර යන අයට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා නුගේගොඩ, නාලන්දාරාමාධිපති පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, මහ බැංකු අධිපතිවරයා, පොලිස්පති, නීතිපති ඇතුළු පිරිසක් එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.

පෙත්සම්කාර හිමියන් පවසන්නේ, 2014 වසරේ වග උත්තරකාර රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව පවසමින් අමාත්‍ය මණ්ඩලයේ හෝ රජයේ අනුමැතියක් නොමැතිව සී.අයි.ඒ සංවිධානයේ නියෝජිතයකු වන ඉමාඩ් ෂා සුඛේරි නැමැත්තාට ඇමරිකානු ඩොලර් මිලියන 6.5ක මුදලක් ගෙවා ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවයි.

ඊට අමතරව හෙජින් ගිවිසුම තුළින් ද රජයට විශාල පාඩුවක් සිදුකර ඇති බවට ඔහුට චෝදනා එල්ල වනවා.

එමෙන්ම වගඋත්තරකාර ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර මහතාද රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු “කෝප්” කමිටුව මගින් ද චෝදනා එල්ල වූ අයෙකු බව පෙන්වා දෙන පෙත්සම්කාර හිමියන්, ඒ මහතාට රාජ්‍ය තනතුරක් දැරිය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මීට පෙර තීන්දුවක් ලබාදී තිබූ බවද පෙත්සමෙහි සඳහන් කර තිබෙනවා.

රක්ෂණ සංස්ථාව පෞද්ගලීකරණය කිරීම, ලංකා රෝහලේ කොටස් අලෙවි කිරීම ඇතුළු සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කෝප් කමිටුව මඟින් ආචාර්ය පී.බී ජයසුන්දර මහතා වෙත චෝදනා එල්ල කර තිබූ බවද උන්වහන්සේ සඳහන් කළා.

ඒ අනුව මුදල් රාජ්‍ය අමාත්‍යවරයාට හා ජනාධිපති ලේකම්වරයාට එරෙහිව පවතින පොදු දේපල අයථා පරිහරණය, සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ට එරෙහිව වහාම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත් තීනියාවල පාලිත හිමියන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මඟින් ඉල්ලා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උසස් පෙළ පිළිතුරු පරික්ෂාව කල් යාමට අපි වගකියන්නේ නැහැ – විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති...

උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාව ප්‍රමාද වීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතු බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස පොහොට්ටුවේ බහුතරය රනිල් තෝරා ගනී

එළඹෙන ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට මේ වන...

රජයේ රෝහල්වල මීට පස්සේ කළු කොඩි බෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත්ම තීරණය මෙන්න

රජයේ රෝහල්වල සහ වෛද්‍ය ආයතනවල කළු කොඩි ප්‍රදර්ශනය කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තහනම් කර තිබෙනවා. චක්‍රලේඛයක් නිකුත් කරමින් එම...

RECENT ARTICLES - ENGLISH

Smuggling gold: Uebert Angel stripped of diplomatic impunity

0
Zimbabwean President Emmerson Mnangagwa has stripped presidential envoy and ambassador-at-large self-styled Prophet Uebert Angel of his diplomatic status in the aftermath of...

අද ඩොලරය ඉහළට

ශ්‍රී ලංකා  මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතික අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද(31)නැවත වැඩි වීමක් සිදුව තිබෙනවා.

Former US president faces criminal charges

0
Donald Trump has become the first former president of the United States to face criminal prosecution, but the charges have not been...