25 C
Colombo
Friday, January 17, 2025

සොරකම් රැසක් සිදුකළ කල්ලියක් කොටුවෙලා

- Advertisement -

දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස හා රන් ආභරණ වෙළෙඳසැල් 21කට අධික සංඛ්‍යාවක් බිඳ රුපියල් කෝටි ගණනක මුදල්, රන් භාණ්ඩ, ජංගම දුරකථන ඇතුළු දේපොළ සොරාගත් සැකකරුවන් කණ්ඩායමක් මහනුවර, ගලහා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් අවුරුදු 19, 21, 22, 23 සහ 26 යන වයස්වල පසුවන යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම පිරිස වසර 4ක් පුරා යාපනය, වව්නියා, කයිට්ස්, මාමණ්ඩු, ගම්පොළ, ගලහා, නුවරඑළිය, කඳපොළ සහ මාතලේ යන ප්‍රදේශවල නිවාස, කෝවිල් සහ රන් ආභරණ වෙළෙඳසැල් බිඳ මෙම කොල්ලකෑම් සිදුකර ඇතැයි අනාවරණය වී තිබෙනවා.

පොලීසිය පවසන්නේ මේ වනවිට සැකකරුවන් විසින් සිදුකළ සොරකම් 24ක් සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති බවයි.

මෙම සැකකරුවන්ට එරෙහිව යාපනය අධිකරණ බල ප්‍රදේශයෙන් පමණක් වරෙන්තු 9ක් නිකුත් කර ඇති බව ගලහා පොලීසිය පවසනවා.

අධිකරණවලින් නිකුත් කළ වරෙන්තු අනුව සැකකරුවන් කාලෙන් කාලෙට විවිධ ප්‍රදේශවලට ගොස් නිවසක් කුලියට ගෙන එහි සිට මෙම සොරකම් සිදුකොට ඇති බවට වාර්තා වනවා.

ඔවුන් සොරකම් කළ මුදල් මේ වනවිට වියදම් කර ඇති අතර සොරාගත් රන් ආභරණ කිහිපයක් පමණක් යාපනය ප්‍රදේශයේ උකස් මධ්‍යස්ථානයක තිබියදී සොයාගෙන තිබෙන බවයි පැවසෙන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES