27.9 C
Colombo
Tuesday, May 13, 2025

නව ජනපති පත් කිරිම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

- Advertisement -

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

මැතිවරණ කොමිෂන් සභාව විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් මඟින් ඒ බව ප්‍රකාශයට පත් කර ඇති බව සඳහන්.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා වන ඡන්ද විමසීම පසුගිය සෙනසුරාදා (21) දිනයේ පවත්වනු ලැබුවා.

මැතිවරණයේ දී ප්‍රකාශ කළ ඡන්දවලින් හරි අඩකට වඩා කිසිදු අපේක්ෂකයෙකුට ලබා ගත නොහැකි වීම හේතුවෙන් පළමු සහ දෙවනි ස්ථානවල සිටි අපේක්ෂිකයින් සඳහා ලැබුණු දෙවන සහ තුන්වන මනාප ගණනය කිරීම සිදුකළා.

එහිදී මනාප 105,264ක් ලබා ගත් අනුර කුමාර දිසානායක මහතා හිමි වු අතර සජිත් ප්‍රේමදාස මහතාට මනාප 167,867ක් හිමි වුණා.

ඒ අනුව අනුර කුමාර දිසානායක මහතාගේ ඡන්ද සංඛ්‍යාව 5,740,179ක් දක්වා ඉහළ ගිය අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද සංඛ්‍යාව 4,363,035ක් දක්වා ඉහළ ගියා.

එම ඡන්ද ප්‍රතිඵලවලට අනුව මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තෝරා පත්කරගනු ලබන බව ඊයේ (22) රාත්‍රීයේ මැතිවරණ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවේ දී කොමිෂන් සභාවේ, සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...