25 C
Colombo
Monday, October 14, 2024

නව ජනපති වසර පහකට ධුරය භාරගත් බවට ගැසට්ටුවක්

- Advertisement -

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 වැනි ව්‍යවස්ථාව සහ 157 අ ව්‍යවස්ථාවේ (7) වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවන උප ලේඛනයේ සහ හත්වන උප ලේඛනයේ දක්වා ඇති ආකාරයට ප්‍රතිඥා දී අත්සන් තැබීම මගින් අනුර කුමාර දිසානායක මහතා 2024 සැප්තැම්බර් 23 දිනයේදී වර්ෂ පහක කාලයක් සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරය භාරගත් බව මෙම ගැසට් නිවේදනය මගින් නිවේදනය කරනවා.

නව ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්.කුමානායක මහතා විසින් මෙම ගැසට් නිවේදනය ඊයේ(23) නිකුත් කර තිබෙනවා .

RECENT ARTICLES - SINHALA

කටුකුරුන්දේ දුම්රිය අනතුර සියදිවි නසාගැනීමක් බවට අනාවරණයක්

කළුතර කටුකුරුන්ද දුම්රිය ස්ථානයේදී තිදෙනෙකුට දිවි අහිමි කරමින් ඊයේ (12) රාත්‍රියේ සිදුවූ දුම්රිය අනතුර සියදිවි නසා ගැනීමක ප්‍රතිඵලයක් බවට පොලීසියට තොරතුරු අනාවරණ වී තිබෙනවා. පොලීසිය...

මාලිමාවෙන් පාර්ලිමේන්තුවට රත්නපුරෙන් එන අය මෙන්න

මෙවර මහමැතිවරණය සදහා ජාතික ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයෙන් අපේක්ෂකයින් 14 දෙනෙකු ඉදිරිපත්වි තිබෙනවා. ඒ අනුව, අපේක්ෂකයින් පසුගිය 11 වැනිදා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී නාමයෝජනා භාර...

තවත් චීන ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැක කෙරෙන චීන ජාතිකයින් 15 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් වැලිකඩ, කෝට්ටේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති...

POPULAR ARTICLES

ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්...

එළවළු සහ මාළු මිල ගණන් පහළට

0
මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්‍රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...

බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ

පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා...