27.9 C
Colombo
Tuesday, May 13, 2025

වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම

- Advertisement -

වේග සීමා සම්බන්ධයෙන් අවශ්‍ය රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රයක් ළඟදීම නිකුත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා.

මාර්ග අනතුරු අවම කිරීමේ ගැසට් පත්‍රය ඉදිරි සති දෙක තුළ නිකුත් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (11) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියා.

රාජ්‍ය අමාත්‍යවරයා 2023 දී මාර්ග අනතුරු 2,214 ක් වාර්තා වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස මරණ 2,321 ක් සිදුව තිබෙන බවයි.

ජූනි 30 වැනිදා වන විට මේ වසරේ මුළු මාර්ග අනතුරු 1,103ක් වාර්තා වී ඇති අතර, මරණ 1,154ක් වාර්තා වී තිබෙන බව අමාත්‍යවරයා මෙහිදි පැවසුවා.

මෙම ගැටළුව විසඳීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බව ද ඔහු පැවසීය.

එවැනි එක් පියවරක් ලෙස රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව විසින් අවශ්‍ය වේග පාලන උපකරණ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසියට මිලියන 50ක් වෙන්කර ඇති බවයි.

ඉදිරි සතිවලදී නව මාර්ග වේග සීමා රෙගුලාසි ඇතුළත් ගැසට් පත්‍රය ප්‍රවාහන අමාත්‍යාංශය විසින් නිකුත් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...

BMW ජීප් රියක් දුම්රියේ ගැටී අනතුරක්: 4ක් රෝහලේ

අහංගම, කබලාන ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයේදී BMW වර්ගයේ ජීප් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (12) දහවල් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන...

POPULAR ARTICLES

බස් රථයක් අනතුරක – 20ක් රෝහලේ

වන්දනා ගමනක් යමින් සිටි බස් රථයක් මාර්ගයෙන් ඉවතට ලිස්සා ගොස් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අලදෙණිය, යටිහලගල ප්‍රදේශයේදී අද (12)...

චමරි අතපත්තුට දඩයක්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම් නායිකා චමරි අතපත්තුට ඇගේ තරග ගාස්තුවෙන් සියයට 10 ක දඩයක් නියම කර තිබෙනවා. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහිව කොළඹදී පසුගිය සිකුරාදා...

ටීචර් අම්මව හොයන්න පොලිස් කණ්ඩායම් 3ක්

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වනු ලබන ‘ටීචර් අම්මා‘ හෙවත් හයේෂිකා ප්‍රනාන්දු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායමක් 3 ක් යොදවා ඇති බව පොලීසිය පවසනවා. පොලිසිය පවසන්නේ, සැකකාරිය...