වැල්ලව පොලිස් වසමේ වාසල එපාට්මන්ට්, මරළුවාව ලිපිනයේ පදිංචිව සිටි පුද්ගලයෙකුට දෙසැම්බර් මස 24 වන දින රාත්‍රී කාලයේ T56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැල්ලව පොලිසිය හා කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මේ වනවිට විමර්ශන ආරම්භ කර තිබෙනවා.
පොලිස් මූලස්ථානය පවසන්නේ, මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව සාර්ථක තොරතුරක් ලබා දෙන අයෙකුට පොලිස් ත්‍යාග අරමුදලින් රුපියල් මිලියනයක ත්‍යාග මුදලක් පිරිනැමීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය තීරණය කර ඇති බවයි.
එමෙන්ම, එලෙස තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබන බවද පවසනවා.
ඒ අනුව, ඉහත අපරාධය සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් කොට්ඨාස භාර නිලධාරී, කුරුණෑගල – 071-8591244, පොලිස් මාධ්‍ය ප්‍රකාශක – 071-8591882 යන දුරකථන අංක වෙත ලබා දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.