25 C
Colombo
Saturday, March 22, 2025

හිසට පොල් ගෙඩියක් වැටී දැරියක් මරුට

- Advertisement -

හිසට පොල් ගෙඩියක් වැටීමෙන් සිදුවූ අනතුරකින් මාවනැල්ල නගරයේ පිහිටි පෙර පාසලක ඉගෙනුම ලබමින් සිටි දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ මාවනැල්ල මාවාන පාර ප්‍රදේශයේ පදිංචිව සිටි රනුලි හසත්මා එදිරිමාන්න නමැති අවුරුදු තුනහමාරක් වයසැති දැරියක්.

ඊයේ (01) උදෑසන 10.45ට පමණ පෙර පාසල් පාලිකාව අදාළ පෙර පාසලේ ගේට්ටුව වැසීම සඳහා පන්ති කාමරයෙන් පිටව යාමේදී මෙම දැරිය සහ තවත් දරුවන් දෙදෙනෙක් පාලිකාව සමග මිදුලට දිවගොස් තිබෙනවා.

පපසුව දරුවන් තිදෙනා පාලිකාව සමඟ නැවත පෙර පාසල් ගොඩනැගිල්ල තුළට යමින් සිටියදී පෙර පාසලේ වත්තේ තිබූ පොල් ගසක ගෙඩියක් වැටීමෙන් මෙම දැරිය තුවාල ලබා තිබෙනවා.

දැරිය මාවනැල්ල මූලික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර එහිදී දැරියගේ තත්ත්වය බරපතළ වූ බැවින් මහනුවර ජාතික රෝහල වෙත මාරු කර යවා තිබුණා.

එහිදී දැරිය ජීවිතක්ෂයට පත්වී ඇති අතර මියගිය දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය මහනුවර ජාතික රෝහලේදී සිදුකිරීමට නියමිතයි.

RECENT ARTICLES - SINHALA

දෙවුන්දර වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

දෙවුන්දර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපස සිංහාසන මාර්ගයේ සිදුකළ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ (21) රාත්‍රී 11.45ට පමණ මෙම වෙඩි තැබීම සිදු...

අද සවස තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වල සහ අනුරාධපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) ප.ව. 2න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය...

වෛද්‍යවරුන්ගේ දීමනාවලට අනුරගෙන් සහනයක්

රාජ්‍ය සේවක මූලික  වැටුප් වැඩිවීමත් සමඟ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින්ගේ අමතර රාජකාරි, අතිකාල දීමනා බෙදී යෑමේ සූත්‍රය වෙනස් කිරීමට ගත් තීරණයේ සංශෝධනයක් කිරීමට සූදානම්...

POPULAR ARTICLES