24 C
Colombo
Thursday, February 13, 2025

සීගිරියට ගොල්ෆ් පිටියක්

- Advertisement -

දෙස් විදෙස් සංචාරකයන්ගේ ප‍්‍රධානම සංචාරක පරාදීසයක් ලෙස සැළකෙන සීගිරිය ප‍්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ගොල්ෆ් ක්‍රීඩාංගණයක් ඉදි කර තිබෙනවා.

ඒ,මෙරට සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය අරමුණු කරගනිමින්.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ගුවන් හමුදා සීගිරිය කඳවුරේ ඉදි කළ ‘ඊගල්ස් සිටඩෙල්’ (Eagles Citadel golf Course) නම් මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය නිල වශයෙන් විවෘත කිරීම ඊයේ (17) ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තාගේ ප්‍රධානත්වයෙන් සහ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂගේ සහභාගිත්වයෙන් සිදු වී තිබෙනවා.

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව සතුව අන්තර්ජාතික මට්ටමේ ගෝල්ෆ් ක්‍රීඩාංගණ ත්‍රිත්වයක් ත‍්‍රීකූණාමලය, අනුරාධපුර සහ කොග්ගල යන ගුවන් හමුදා කදවුරු තුළ ඉදිකර ඇති අතර, මෙම ගෝල්ෆ් ක්‍රීඩාංගණය ගුවන් හමුදාව සතු සිව්වැනි ගෝල්ෆ් ක්‍රීඩාංගණයයි.

මෙම නව ගෝල්ෆ් ක්‍රීඩාංගණය ගෝල්ෆ් ක‍්‍රීඩාවට අවශ්‍ය සියලුම පහසුකම්වලින් සමන්විතයි.

ගෝල්ෆ් ක‍්‍රීඩාව සදහා අවශ්‍ය ක‍්‍රීඩා උපකරණ, නවාතැන් පහසුකම්,ආහාර පාන,ආදි සියලුම පහසුකම් ලබාගත හැකිවන සේ ඉදිකර ඇති මෙම ගෝල්ෆ් ක‍්‍රීඩා පිටිය, ගෝල්ෆ් ක‍්‍රීඩාව සඳහා කැමැත්තක් දක්වනු ලබන ඕනෑම පුද්ගලයකු භාවිත කිරීමේ හැකියාව සලසා දීමට අවශ්‍ය කටයුතු සලසා තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජනපති දිවයිනට

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති ලෝක රාජ්‍ය සමුළුවට සහභාගී වීමට එහි ගොස් සිටි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද උදෑසන දිවයිනට පැමිණ තිබෙනවා.

විදුලි කප්පාදුව ගැන දැනුම්දීමක්

පැයක විදුලිය කප්පාදුවකට පියවර ගෙන ඇති බව බලශක්ති අමාත්‍යාංශය පවසනවා. ඒ අනුව අද (13) සවස 5.00 සිට රාත්‍රී 9.30 අතර පැයක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති. පසුගිය...

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

POPULAR ARTICLES