31 C
Colombo
Sunday, June 26, 2022

අයවැයට ගමේ ජනතාවගෙන් යෝජනා ගන්නවා – ලන්සා

- Advertisement -

ඉදිරි වසර හතරක කාලය තුළ ජනතාවට සියළු සහන සැලසීම සිදු කිරීමට 2022 අයවැය සදහා ග්‍රාමීය මට්ටමින් යෝජනා ලබා ගැනීම මේ වනවිට ආරම්භ වී ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසනවා.

ඒ වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී අයවැය යෝජනා සදහා ප්‍රාදේශීය මට්ටමින් හා ග්‍රාමීය කමිටුවලින් තොරතුරු ලබා ගැනීම උදෙසා පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය අමතමින්.

මෙලෙස ගමට ගොස් අයවැය යෝජනා ලබාගන්නේ පළමු වතාවට බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා,

“ග්‍රාමීය මට්ටමින් අයවැය සඳහා යෝජනා ලබා ගැනීමෙන් ගමේ ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථික ක්‍රියාවලියක්ද, ජීවනෝපාය සංවර්ධනයක්ද, සුභසාධන සේවාවක්ද යන්න නිවැරදිව හදුනා ගැනීමට හැකියාව ලැබෙනවා. එම යෝජනා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ඉදිරිපත් කළ විට, එතුමා අය වැය ලේඛනයට පෙර අදාළ නිලධාරීන් සමඟ සලකා බලා අදාළ යෝජනා අය වැය සඳහා ඇතුළත් කිරීම තමයි මෙහි අරමුණ. ඉතිහාසයේ පළමු වරට තමයි ගමට ගිහිල්ලා අය වැය යෝජනා ලබාගන්නේ. ඒ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ට අපි ස්තූතියි පළ කරනවා.

ඔනෑම ගැසට් එකක් නිකුත් කරන්නේ හා එය ඉවත් කරන්නේ ජනතාව ගැන හිතලා. එහෙම තමයි කාලයෙන් කාලයට තීන්දු ගන්නේ. අද ගැසට් එකක් නිකුත් කළා කියලා එය දීර්ඝ කාලයක් තියලා නැහැ. අද වන විට හිඟයකින් තොරව සහල් ජනතාවට ලැබෙනවා. මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගෙනැල්ලා තියාගෙන මිල පාලනය කරන්න ආණ්ඩුව තීන්දු කරල තියෙනවා. සහල් ආනයනය කළ පසු අද පවතින මිලට වඩා අඩු වීමක් සිදු වෙයි. එයින් ගොවියන්ට ගෙවන මිල අඩු කරනවා කියල අපි කියන්නේ නැහැ. ගොවියන්ට අදට වඩා හොඳ මිලක් අනිවාර්යයෙන්ම ලැබෙයි. අපි ආණ්ඩුව ගන්න ඉස්සෙල්ලා ගොවියන්ට වී කිලෝවට රුපියල් 30 – 35 යි ලැබුණේ. අද එකට එකක් වැඩි වෙලා තියෙනවා. අපි ගොවියන්ට සාධාරණ මිලකුත්, පාරිභෝගිකයන්ට සහල් මිලදී ගැනීමේදී සාධාරණ මිලක් දෙන්න තීන්දු කරලා තියෙනවා. මෙවර මේ සියලු කරුණු සලකා බලා මුදල් අමාත්‍යතුමා 2022 දී ඉතාමත් හොඳ අය වැය ලේඛනයක් ඉදිරිපත් කරනවා.

මාෆියාව කියන කථාවට මම නම් කැමති නැහැ. සියලු දෙනා ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරිකයෝ සියලු දෙනා බලන්නේ තමන්ගේ ලාභය ලබාගන්න. ගොවියෝ, නිෂ්පාදකයෝ බලන්නේ තමන්ගේ ලාභය වැඩිපුර ලබාගන්න. ආණ්ඩුවක් විදියට අපි එය නියාමනය කරනවා. ඒකට තමයි ආණ්ඩුවක් පත් කරන්නේ. ඒ නිසා ආණ්ඩුව ලෙස එය නියාමනය කිරීමේ කටයුත්ත තමයි අපි මේ වන විට ක්‍රියාත්මක කරන්නේ.

ලෝකයේ කොරෝනා වසංගතය අපි කවුරුත් නොහිතපු දෙයක්. මුළු ලෝකයම විශාල අභියෝග හා අසීරුතා මැද තමයි යන්නේ. ආණ්ඩුවක් ලෙස මෙම අවුරුදු දෙකක කාලය තුළදී ආණ්ඩුවට ලැබෙන සියලු ආදායම් අහිමි වෙලා. ආණ්ඩුවට ආදායම් ලැබෙන්නේ මහජනතාවගෙන්. මහජනතාව තලාපෙලා අපට ආදායම් ලබාගන්න බැහැ. ඒ නිසා තමයි බිලියන 3000 වූ ආදායම බිලියන 1200 දක්වා අඩු වෙලා තියෙන්නේ. ඒ තුළ තමයි රජයේ සේවකයින්ගේ පඩි, විශ්‍රාම වැටුප් අඩුවකින් තොරව ගෙවපු ලෝකයේ පළමු රට. සියයට සීයක් ගෙවලා තියෙනවා. මේවා පිළිබඳව කවුරුත් කථා කරන්නේ නැහැ. ආණ්ඩුව ආදායම් ලබාගන්නේ ජනතාවට වක්‍රව හා සෘජු බදු දාලා. ඒවා බලහත්කාරකමින් නොගැනීම නිසා තමයි ආණ්ඩුවේ ආදායම අඩු වෙලා තියෙන්නේ.

කොරෝනා වසංගතය නිසා ජනතාවත්, ආණ්ඩුවත්, ලෝකයත් අමාරුවෙ වැටිලා තියෙනවා. දැන් අමාරු කාලය ඉවරයි. ඊයේ ඉදලා අමාරුම කාලය, අසීරුම කාලය, අභියෝගාත්මක කාලය ඉවරයි. අද සිට ඉදිරි අවුරුදු හතර තුළ මේ රටේ ජනතාව බලාපොරොත්තු වන සියලු සේවාවන් කරනවා. ආර්ථිකය වැටිලා තියෙන්නේ, රැකියා නැති වෙලා තියෙන්නේ කොරෝනා වසංගතය නිසා බව බොහෝ අය දන්නවා ඒවා ගැන කල්පනා කරන්නේ නැතුව සියලු චෝදනා ආණ්ඩුවට එල්ල කරනවා. කොරෝනා මර්දනය කිරීම ආණ්ඩුවට විතරක් කරන්න පුළුවන් දෙයක් නොවෙයි. ජනතාව සියලු දෙනා ඒ සඳහා එකතු විය යුතුයි. එන්නත්කරණය තුළ ලෝකයේ ඉහළම ස්ථානයක අපි ඉන්නවා. නොර්වේ රට තීන්දු කරලා තියෙනවා සම්පුර්ණයෙන් රට විවෘත කරන්න. සිංගප්පූරුව රට විවෘත කරන්නේ ඇයි. ඒවගේ බලවත් රටවල් වලටවත් රට වහගෙන ආර්ථිකය ගොඩගන්න බැහැ. ජනතාව සියලු දෙනා එකතු වෙලා මෙම අභියෝග ජයග්‍රහණය කරන්න, ආර්ථික ක්‍රියාවලිය ජයග්‍රහණය කරන්න අත්වැල් බැඳගන්න කියලයි අපි ඉල්ලා සිටින්නේ. “

මෙම අවස්ථාවට අමාත්‍ය සරත් වීරසේකර හා රාජ්‍ය අමාත්‍යවරුන් වන නිමල් ලන්සා සහ සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් සහභාගී විය.

RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...