රජයේ සේවකයන්ට හොඳ කලක්

රජයේ ආයතන සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි කාර්යමණ්ඩල සඳහා සති 2ක කාලයක් නිවසේ සිට රාජකාරී කිරීමට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ඊට අදාළ නව චක්‍රලේඛයක් නිකුත් කරන බවත් එය එළඹෙන සඳුදා (20) සිට ක්‍රියාත්මක වන බවත් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසනවා. කෙසේවෙතත් අදාළ තීරණය අත්‍යවශ්‍ය සේවා සඳහා අදාළ නොවන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.