24 C
Colombo
Sunday, January 19, 2025

රුසියාවෙන් විශිෂ්ඨ සොයා ගැනීමක්

- Advertisement -

රුසියාව, මාරාන්තික පිළිකා රෝගයට එරෙහිව mRNA එන්නතක් නිපදවා ඇති බව රුසියානු පුවත් ඒජන්සිය TASS වාර්තා කරනවා.

මෙම එන්නත පිළිකා රෝගීන්ට නොමිලේ බෙදාහරින බවයි රුසියානු සෞඛ්‍ය අමාත්‍යාංශයේ විකිරණවේද වෛද්‍ය පර්යේෂණ මධ්‍යස්ථානයේ සාමාන්‍ය අධ්‍යක්ෂ ඇන්ඩ්‍රි කප්‍රින් ප්‍රකාශ කර තිබෙන්නේ.

මෙම එන්නත පර්යේෂණ මධ්‍යස්ථාන කිහිපයක සහයෝගයෙන් නිපදවා ඇති අතර 2025 වසරේ මුල් භාගය වන විට මහජන භාවිතය සඳහා නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද සඳහන්.

ශතවර්ෂයේ සොයාගැනීම යැයි පැවසිය හැකි සොයා ගැනීමක් ලෙස රුසියානු රජය තමන් විසින්ම පිළිකා මර්ධනයට නිපදවූ එන්නත හදුන්වා දෙනු ලබනවා.

මෙම එන්නතෙහි පූර්ව සායනික අත්හදා බැලීම් මගින් එය පිළිකා වර්ධනය සහ විභව මෙටාස්ටේස් මර්දනය කරන බව පෙන්වා දී ඇති බවයි වාර්තාවන්නේ.

mRNA එන්නත මිනිස් සෛලවලට ප්‍රෝටීනයක් හෝ වෛරසයට සමාන ප්‍රෝටීන් කැබැල්ලක් සෑදීමට අවස්ථාවක් ලබා දෙන අතර එවිට ප්‍රෝටීන් මිනිස් ශරීරය තුළ ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති කර මෙලෙස පිළිකා වර්ධනය මර්දනය කරනු ඇතැයි සදහන්.

මේ වසර මුලදී“අපි පිළිකා මර්දනය වෙනුවෙන් නව ප්‍රතිශක්තිකරණ ඖෂධ ​​නිර්මාණය කිරීමට ඉතා ආසන්නව සිටිමු” යනුවෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අදහස් දැක්වමින් පවසා තිබුණා.

RECENT ARTICLES - SINHALA

උතුරුමැද පළාතේ පාසල් ගැනත් විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදි තිබෙනවා මේ බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස්...

අනුරපුර පොලොන්නරු යන අයට විශේෂ දැනුම්දිමක්

අයහපත් කාලගුණය හේතුවෙන් පොලොන්නරුව සහ අනුරාධපුරය දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක මාර්ග අද (19) ජලයෙන් යටවීම හේතුවෙන් ගමනාගමනය අවහිර වී ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා. ඒ අනුව...

කෙඳිරි ගෑවොත් දීපු හැටත් අයින් කරනවා – අනුර

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද (19) පැවති ජන හමුවකට...

POPULAR ARTICLES