32 C
Colombo
Monday, March 17, 2025

වයස 12ට අඩු දරුවන් මහණ කරන්න එපා..! – රුහුණේ කුලපති හිමිගෙන් පෙරළිකාර ප්‍රකාශයක්

- Advertisement -

විහාරස්ථානවල පැවිදි කරන සාමණේර හිමිවරුන්ගේ හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ අදාල නිකායවල මූලස්ථාන වහා ම මැදිහත් විය යුතු යැයි කොළඹ නව තොටමුණ සහිත බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අකුරැටියේ නන්ද නා හිමි පවසනවා.

කුල දරුවන් සසුන්ගත කිරීමේදී ඉතා ම ලාබාල වයසේ දරුවන් සසුන්ගත නොකර අඩු තරමේ වයස අවුරුදු ‍ෙදාළහ ඉක්ම වූ දරුවන් පැවිදි දිවියට ඇතුළත් කළ යුතු බවයි නා හිමියන් අවධාරණය කරන්නේ.

යම් දරුවෙකු ගුරු හාමුදුරුනමක් යටතේ පැවිදි දිවියට ඇතුලත් කරන්නේ වැඩිහිටි භික්ෂුන් වහන්සේ සාමණේර හිමියන් රැකබලා ගනු ඇතැයි යන විශ්වාසයෙන් යුතුව බවත් උන්වහන්සේ පවසනවා.

කුඩා දරුවෙකු මහණ කර ගත්තේ නම් මාතෘ පීතෘ ස්නේහයෙන් වැඩිහිටි හිමියන් ඒ දරුවා රැක බලාගත යුතු බවත් එය වැඩිහිටි භික්ෂුන් වහන්සේගේ යුතුකමක් සහ වගකීමක් බවත් බුදුන් වහන්සේගේ සමයෙහි පවා මෙවන් දුශ්ශීල හිමිවරුන් සිටි බවත් නා හිමියන් අවධාරණය කරනවා.

භික්ෂුන් වහන්සේගේ විනය ආරක්ෂා කර ගැනීමේ අරමුණෙන් විවිධ සිද්ධි අරබයා නොයෙක් අවස්ථාවල විනය සිල්පද පැනවුණු බවත් අදටත් ශාසනයෙහි විනය කඩ කරන දුශ්ශීල භික්ෂුන් වහන්සේලා සිටින බවත් උන්වහන්සේලා සිදු කරන විනය විරෝධී ක්‍රියා නියාමනය වීමක් සිදු නොවන බවත් උන්වහන්සේ පෙන්වා දෙනවා.

එමෙන්ම, ඒවා නිකාය මූලස්ථාන හරහා නියාමනය වීමක් සිදුවිය යුතු වුවත් එවන් කාර්යයක් නිකාය මූලස්ථානවලින් සිදු නොවන බවට චෝදනා කරන උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එවන් නියාමනය වීමක් සිදු නොවන නිසා නීතියේ පිහිට පැතීමට සිදුව ඇති බවයි.

සාමණේර හිමිවරුන්ට ද ළමා අයිතිවාසිකම් හිමි බව පෙන්වා දෙන නා හිමියන් විනය පොතේ උගන්වා ඇති අයුරින් වැඩිහිටි භික්ෂුන් වහන්සේ විනය ආරක්ෂා කරන්නේ නම් මෙවන් සිදුවීම් වාර්තා නොවන බවත් තවදුරටත් අවධාරණය කරනවා.

අකුරැටියේ නන්ද නාහිමියෝ විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අපවත්වී වදාළ අකුරැටියේ අමරවංශ නාහිමියන්ගේ ප්‍රධාන ශිෂ්‍යයෙකි. ඒ සමයේ විද්‍යෝදය පරිවේණාධ්‍යක්ෂ හා සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ධුරයද හෙබ වූ උන්වහන්සේ මහ පඬිරුවනක් ලෙසද ප්‍රකටය.

රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති හා බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක ධුරයද දරන උන්වහන්සේ කලකදී ආන්දෝලනයට තුඩු දුන් ‘හතේ අපේ පොත’ කෘතිය සිසුන්ට දිය යුතු බවත් සංඝ සමාජයේ ඇතැම් කටයුතු වෙනස් විය යුතු බවටත් පෙරළිකාර අදහස් දැක්වීමක යෙදුණා.

RECENT ARTICLES - SINHALA

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

POPULAR ARTICLES