26.1 C
Colombo
Monday, June 16, 2025

විදේශ සේවයෙන් පිරිසක් නැවත කැඳවයි

- Advertisement -

විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔහු පවසා සිටියේ එලෙස පත්වී සිටි 15 දෙනෙකු නැවත කැඳවා ඇති බවයි.

කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද (06) පැවති මාධ්‍ය හමුව අමතමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ දරුවන් සහ බිරින්ඳෑවරු ද පත්කර තිබූ බවත් එම පත් කිරීම් සිදු කර ඇති ආකාරය සම්පූර්ණයෙන්ම වැරදි බවත් විජිත හේරත් මහතා මෙහිදී පවසා සිටියා.

ඔහු තවදුරටත් අවධාරණය කර සිටියේ ඉදිරියේදී එවැනි පත්කිරීම් සිදු නොවන බවයි.

“විදේශ තානාපතිවරු විදියටත් මහ කොමසාරිස්වරු විදියටත් විදෙස් සේවයට අයත් නොවන අය පත්කරලා තිබුණා. ඉන් 15 දෙනෙක් අපි නැවත කැඳවීමක් කළා. ඉතින් ඇත්තටම දේශපාලන පත්වීම් කියන එක සියලුදෙනාටම අදාළ නැහැ. සමහර අය මීට කලින් හමුදාවේ සහ වෙනත් වගකීම් දරපු අය එවැනි අයත් පත්කරලා තිබුණා. ඒ අතරතුරේ සෘජුවම දේශපාලන අයත් පත්කරලා තිබුණා. ඒ වගේම තානාපති සේවයෙන් පහළ වෙනත් නිලතල සඳහා සෘජුවම මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ පුතාලා, දුවලා, බිරින්ඳෑවරු පත්කරලා තිබුණේ. ඒ අයත් අපි නැවත කැඳවලා තියෙනවා.

ඒ පත්කිරීම් කරලා තියෙන විදිය සම්පූරණයෙන් වැරදී. ඉස්සරහාට එහෙම දෙයක් වෙන්නේ නැහැ. විදේශ සේවයේ නියුතු අයත් විශේෂ අවශ්‍යතා මත විශේෂ හැකියාවන් තියෙන පුද්ගලයින් පත්කිරීමත් කළ යුතුව තියෙනවා. මුළුමනින්ම විදේශ සේවයේ පත්කරනවා කියලා එහෙම එකක් කරන්න තත්ත්වයක් නැහැ. සමහර ස්ථානවලට නව රජයේ ආර්ථික, ජාත්‍යන්තර වුවමනාවන් එක්ක සමහර අය පත්කරන්න වෙනවා. අපි එහෙම පත්කරනවා. දැනට පත්කිරීම් කරලා තිබුණු සියලුදෙනාම දෙසැම්බර් 01 වැනිදා වෙනකොට ලංකාවට එන්න කියලා අපි දැනුම්දීලා තියෙනවා.”

RECENT ARTICLES - SINHALA

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...

නායයෑමේ අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණයත් සමග දිස්ත්‍රික්ක 07ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කටයුතු කර තිබෙනවා. ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම...

POPULAR ARTICLES

අධිකරණ අමාත්‍යාංශ ඉහළ නිලධාරිනියකගෙන් CIDයට ප්‍රකාශයක්

ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කරමින් අනුරාධපුර බන්ධනාගාරයේ රැඳවියකු නිදහස් කිරීමේ සිද්ධියට අදාළව අධිකරණ අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරිනියකගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් සටහන්...

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීම ගැන දැනුම්දිමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ...

කොළඹ බලය කාටද?

කොළඹ මහ නගර සභාවේ මංගල සැසිය අද(16) පැවැත්වෙනවා. පෙරවරු 9.30 ට සැසිය ආරම්භ වන්නේ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා...