24 C
Colombo
Thursday, February 13, 2025

පිළිතුරු පත්‍ර බලන්න සාරි නොඇන්දයි ගුරුවරියන්ව එළවලා

- Advertisement -

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට එම පාසලේ විදුහල්පතිනිය කටයුතු කර තිබෙනවා.

ඔවුන් පාසල තුළට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට  විදුහල්පතිනිය කටයුතු කර ඇත්තේ අදාළ ගුරුවරියන් සාරිය හැඳගෙන නොපැමිණි බව දක්වමින්.

මෙහිදී පිළිතුරු පත්‍ර ඇගයීමට පැමිණි ගුරුවරියන් පවසා ඇත්තේ එම ඇගයීම් මධ්‍යස්ථානයේ පාලනය විභාග කොමසාරිස් ජනරාල්වරයා සතු බැවින් ඒ පිළිබඳව විදුහල්පතිනියට වගකීමක් නොමැති බවයි.

පාසලක යම් විනයක් ඇති බවත් පාසල තුළට පැමිණෙන සියලුදෙනා ඊට අනුගත විය විදුහල්පතිනිය පවසා තිබෙනවා.

එහිදී දෙපිරිස අතර යම් බහින්බස්වීමක් ද සිදුවී ඇති අතර එය පාලනය කිරීම සඳහා පොලීසිය කැඳවීමටද විදුහල්පතින්නිය පියවර ගෙන තිබුණා.

කෙසේවෙතත් දෙපිරිසටම එකඟතාවයකට පැමිණීමට නොහැකි වී ඇති පසුබිමක විභාග කොමසාරිස් ජනරාල්වරයා උපදෙස් පරිදි එම මධ්‍යස්ථානය තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබුවා.

මේවන විට අදාළ ගැටලුවට මුහුණ පෑ ගුරුවරියන් පිරිස විභාග දෙපාර්තමේන්තුවේ ස්ථාපිත කරනු ලබන ඇගයීම් මධ්‍යස්ථානයට කැඳවා එහි සිට පිළිතුරු පත් ඇගයීම් කටයුතු සිදුකිරීමට විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පියවර ගෙන ඇති බවද වාර්තා වෙනවා.

RECENT ARTICLES - SINHALA

මධ්‍යම අධිවේගයේ ඉදිකිරීම් යළි ඇරඹීමට සැලසුම්

මේ වන විට නතර කර ඇති මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදිරයේ ඉදිකිරීම් ඉදිරි මාස දෙක තුළ ආරම්භ කරන බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය...

භාෂා පරිවර්තකයින්ගේ සංචිතයක්

මෙරට රාජ්‍ය ආයතන සඳහා භාෂා පරිවර්තකයින්ගේ විශේෂ සංචිතයක් නිර්මාණය කිරීමට ජාතික ඒකාබද්ධතා අමාත්‍යත්‍යාංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆර් මහතා සඳහන් කළේ, ප්‍රදේශවලට අනුකූලව...

විදුලි කප්පාදුව ගැන අවසන් තීරණය අද

විදුලිය කප්පාදුව තවදුරටත් සිදුකරන්නේ ද ? නැද්ද ? යන්න සම්බන්ධයෙන් අද (13) දිනයේ තීරණය කරන බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. එහි සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය...

POPULAR ARTICLES