28.9 C
Colombo
Tuesday, July 8, 2025

අන්තර්ජාලය ඔස්සේ මුදල් වංචා කළ විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට

- Advertisement -

අන්තර්ජාලය ඔස්සේ සංවිධානාත්මක ලෙස මුදල් වංචා සිදුකළ විදෙස් ජාතිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලද තොරතුරක් මත හංවැල්ල පාර, ගම්පහ ලිපිනයේ පිහිටි හෝටලයක් සහ අවිස්සාවේල්ල පාර, හංවැල්ල ලිපිනයේ පිහිටි පුද්ගලික ආයතනයක් වටලා සිදුකළ පරීක්ෂා කිරීමකින් අනතුරුව මෙම විදෙස් ජාතික සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙම පිරිස සමාජ මාධ්‍ය ජාල සහ දුරකථන ඇමතුම් මගින් මූල්‍ය වංචා සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අතර චීන ජාතික පිරිමි පුද්ගලයින් 29ක්, චීන ජාතික කාන්තාවක්, ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවන් තිදෙනෙක්, තායිලන්ත ජාතික පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් හා කාන්තාවන් සිව් දෙනෙකු සිට තිබෙන බවයි පැවසෙන්නේ.

ඔවුන් සන්තකයේ තිබී මූල්‍ය වංචාවන් සඳහා යොදා ගත් ජංගම දුරකථන 499ක් ලැප්ටොප් 24ක් හා ඩෙක්ස්ටොප් 29ක් විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී මොවුන් විසින් Investment Scam, Pig butchering Scam යන ක්‍රම ඔස්සේ ද මූල්‍ය වංචාවල යෙදී සිට ඇති බව නිරීක්ෂණය වු බව පොලිසිය පවසනවා.

එමෙන්ම මෙම සැකකරුවන් විසින් නැගෙනහිර ආසියානු රටවල් වන චීනය, ඉන්දුනීසියාව හා තායිලන්තය වැනි රටවල් වල පිරිස් මෙන්ම දකුණු ආසියානු රටවල් වල තැන්පත්කරුවන් ද එම වංචාවට හසුකරගෙන තිබෙන බව සඳහන්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යාන්තර පොලීසිය හා යුරෝපොල් මගින් ද අවශ්‍ය සහාය ලබා ගනිමින් වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරනවා.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES