ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මන්නාරමේ ඡන්ද රැස්වීමකට පෙළපාළියේ පැමිණි දෙසීයක පමණ පිරිසක් අද (17) විසුරුවා හැරි බව මැතිවරණ කොමිෂන් සභාව පවසන බව ලංකාදිප පුවත්පත වාර්තා කරනවා.
ලැබුණු පැමිණිල්ලක් අනුව එහි ගිය මැතිවරණ නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මැතිවරණ නීතිය පිළිබඳව කරුණු වටහාදී පිරිස විසුරුවා හැරි බව කොමිෂන් සභාව සඳහන් කරනවා.
මන්ත්‍රී කාදර් මස්තාන් මහතා පෙරටු කරගෙන පැමිණි පිරිසක් මෙලෙස විසුරුවා හැර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ මැතිවරණ රැස්වීම්වලට පෙළපාළි ආකාරයෙන් ගමන් කිරීම මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීමක් බවයි