25 C
Colombo
Friday, January 17, 2025

මාතර සිටි රැඳවියන් පිරිසක් අඟුණුකොළපැලැස්සට

- Advertisement -

මාතර බන්ධනාගාරයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් පසුව 54 වගන්තිය යටතේ රඳවා සිටින රැඳවියන් අඟුණුකොළපැලැස්ස බන්ධානාගරය වෙත මාරුකිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සුදානම් කරමින් පවතින බව මාතර බන්ධනාගාර අධිකාරි මංගල වැලිවිට මහතා පවසනවා.

ඔහු පැවසුවේ, මාතර බන්ධනාගාරය තුළ පවතින් ඉඩකඩ සීමාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

බෝ ගසේ අත්ත කඩා වැටිමෙන් සිදුවු අනතුරෙන් G හා F යන වාට්ටු දෙකට දැඩි හානි සිදුව තිබෙනවා.

මේ අතර, අනතුරෙන් මියගිය රැඳවියා මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම සම්බන්ධයෙන් රුපියල් 20,000ක දඩයක් නියම වී එම දඩය නොගෙවීම හේතුවෙන් බන්ධනාගාරගතව සිටි මිදිගම තුර්කි ගම්මානයේ පදිංචිව සිටි අයෙක් බව සඳහන් වනවා.

මෙවන විට බන්ධනාගාරය අවට ආරක්ෂාව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් ද බන්ධනාගාරය තුළ ආරක්ෂාව ගාල්ල හා මාතර බන්ධනාගාරයේ බන්ධනාගාර නිලධාරින් විසින්ද තහවුරු කොට ඇති අතර බන්ධනාගාරය තුළ කටයුතු සාමන්‍ය පරිදි සිදු වෙමින් පවතින බව මංගල වැලිවිට මහතා පවසනවා.

තුවාල ලැබු රැඳවියන් 11 දෙනා මේ වනවිට මාතර මහා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ වාර්තා වනවා.

ඊයේ (01) රාත්‍රීයේ බෝ ගසක අත්තක් කඩා වැටිමෙන් මාතර බන්ධනාගාරයේ  G හා F යන වාට්ටු දෙකෙහි සිටි රැඳවියන් 12 දෙනෙකු මාතර රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු මියගියා.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES