30.6 C
Colombo
Sunday, July 13, 2025

අනවසර පදිංචිකරුවන් පිරිසක් අධිකරණ නියෝගයකින් ඉවතට 

- Advertisement -

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද අසල අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය කටයුතු කර තිබෙනවා.

එම ස්ථානයේ ඉදිකර තිබූ නිවාස 24ක් කඩා ඉවත් කෙරුණේ අධිකරණ නියෝගයකට අනුවයි.

කොලොන්නාව, මීතොටමුල්ල කුණු කන්ද අසල පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩමේ කලක් තිස්සේ ජනතාව පදිංචිව සිට තිබෙනවා.

කෙසේවෙතත්, නාගරික සංවර්ධන අධිකාරිය අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකළ නඩුවක තීන්දුව අනුව නියෝග කර ඇත්තේ මෙම පිරිස ඉවත් කරන ලෙසයි.

නාගරික සංවර්ධන අධිකාරිය පවසන්නේ මෙම පිරිසට කොලොන්නාව ප්‍රදේශයෙන්ම මහල් නිවාස ලබා දී තිබූ බවයි.

නමුත් අදාළ ස්ථානයෙන් ඉවත් නොවූ පිරිසක් සම්බන්ධයෙන් අදාල නඩුව ගොනු කර මෙම අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණා.

ඒ අනුව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ටාර්වරයා ඉදිරියේ අදාළ ඉවත් කිරීම් සිදු කෙරුණා.

කෙසේවෙතත් තමන්ට යාම සඳහා විකල්ප ස්ථානයක් නොමැති බවට එම ස්ථානයේ පදිංචිව සිටි ජනතාව මැසිවිලි නගනවා.

RECENT ARTICLES - SINHALA

පියුමිගෙ පුතාට ඇප දීලා

අත්අඩංගුවට ගත් පියුමි හංසමාලිගේ පුත්‍රයා ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර තිබෙනවා. ඒ අද (13) වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.  රාජගිරිය...

ලංකාව සහ චීනය සහයෝගීතාව තර කරගැනීමට එකඟතා

මැලේසියාවේ පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීම්වලට සමගාමීව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මහතා අතර...

අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙන්න ඕන – හරිනි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි...

POPULAR ARTICLES