27.8 C
Colombo
Thursday, July 17, 2025

බංග්ලාදේශයේ සිටින ලාංකික සිසුන් පිරිසක් අද දිවයිනට

- Advertisement -

බංග්ලාදේශය තුළ උද්ගතව ඇති නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් උසස් අධ්‍යාපනය සඳහා එරටට ගිය ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද (20) දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

අමාත්‍යංශය පෙන්වා දෙන්නේ එරට විශ්වවිද්‍යාල 03ක ශ්‍රී ලාංකික සිසුන් 50 දෙනෙකු පමණ අධ්‍යයන කටයුතුවල නිරත වන බවයි.  

බංග්ලාදේශයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා එම සිසුන් පෞද්ගලිකව හමුවී ඔවුන්ගේ අවශ්‍යතා සම්බන්ධයෙන් සොයා බලා ඇති අතර ශ්‍රී ලංකාවට සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳව එම විශ්වවිද්‍යාලවල පාලනාධිකාරිය සමග ද සාකච්ඡා කර තිබෙනවා.

ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් ශ්‍රී ලංකාවට යාමේ හැකියාව පවතින බවද මහකොමසාරිස්වරයා එම සිසුන්ට දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව, ශ්‍රී ලාංකික සිසුන් පිරිසක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

RECENT ARTICLES - SINHALA

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...

ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට එසවීමට කටයුතු කරන්න

ක්‍රීඩාව දියුණු කිරීමට දායක වන ක්‍රීඩා සංගම් සමඟ ඒකාබද්ධවී ක්‍රීඩාව ජාතික මට්ටමේ සිට ජාත්‍යන්තර මට්ටමට  ඔසවා තැබීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක...

POPULAR ARTICLES

ගැරී ආනන්දසංගරීට LTTEයට සහාය දුන් බවට චෝදනාවක්

එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබෙනවා. විදෙස්...

අමෙරිකාවට ප්‍රබල භූ කම්පනයක්

අමෙරිකාවේ ඇලස්කා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක් හට ගෙන තිබෙනවා. රික්ටර් මාපකයේ ඒකක 7.3ක ප්‍රබලත්වයෙන් යුතුව එම භූ කම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මේ හේතුවෙන්...

චෙම්මනිවල අපරාධයක් සිදුවෙලා – රාජ් සෝමදේව

චෙම්මනි සමූහ මිනී වළ ආශ්‍රිත ව නිල් පැහැති පොත් බෑගයක් හා සෙල්ලම් බඩුවලට සමාන භාණ්ඩ සමඟ සොයා ගත් මිනී අස්ථි කොටස් වයස අවුරුදු හතරත්...