31.7 C
Colombo
Friday, June 20, 2025

මියන්මාර සයිබර් අපරාධ කඳවුරුවල සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

- Advertisement -

මියන්මාර මිනිස් ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටි කාන්තාවන් 08ක් ඇතුළු 27 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් අද (16) දිවයිනට පැමිණ තිබෙනවා.

අද පස්වරුවේ බැංකොක් සිට කටුනායකට පැමිණි ශ්‍රීලංකන් ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබුණා.

පසුව ඔවුන් පදිංචි ස්ථාන කරා ආරක්ෂිතව රැගෙන යාමට කටයුතු යොදා තිබුණු බව වාර්තා වන්නේ.

මෙම පිරිස මිනිස් ජාවාරම්කරුවන්ගේ නීති විරෝධී සයිබර් අපරාධ මෙහෙයුම්වලට සම්බන්ධ මිනිස් ජාවාරම්වලට ගොදුරුවී සිට තිබෙනවා.

මේ අතර තවත් 14 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මියන්මාරයේ මිනිස් ජාවරම්කරුවන්ගේ ග්‍රහණයේ සිටින බවට වාර්තා වනවා.

ඔවුන් ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු යොදන ලෙස පසුගිය දා අමාත්‍ය විජිත හේරත් මහතා උපදෙස් ලබාදී තිබුණා.

නව රජය පත් වීමෙන් පසු මියන්මාරයේ මිනිස් ජාවාරම් කඳවුරුවල සිර වී සිටි 63ක් දිවයිනට පැමිණ තිබෙනවා.

මිනිස් ජාවාරම්වල ගොදුරු බවට පත් නොවීම සඳහා බලයලත් ක්‍රියා පටිපාටිවලට අනිවාර්යයෙන් අනුගත වන ලෙස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

පොහොට්ටුවත් එක්ක ගාල්ලේ බලය මාලිමාවට

ගාල්ල මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබෙනවා. ගාල්ල මහ නගර සභාවේ මංගල රැස්වීම පළාත් පාලන මහකොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් අද (20) පැවැත්වුණා. ගාල්ල මහ නගර...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

POPULAR ARTICLES

ගාල්ලේ නියෝජ්‍ය නගරාධිපතිගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවලා

ගාල්ල මහ නගර සභාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නියෝජ්‍ය නගරාධිපති ලෙස පත්වූ ප්‍රියන්ත ගොඩගම සහබන්දු මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ...

සිරකරු සමාවට තුන්කට්ටුවක් මැති සබේ පැටලිලා

ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමේදී ජනාධිපතිවරයාගේ ලේඛනයට අදාළ නොමැති සිරකරුවෙකු නිදහස් කිරීමේ පිළිබඳ නැවත පාර්ලිමේන්තුවේදී ඊයේ (19) උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ අමාත්‍ය ආනන්ද...

ලුණු සහ විෂ බැක්ටීරියා පමණක් ඇතුළත් ද්‍රාවණයකට රජයෙන් ලක්ෂ 1444ක් වැය කරලා – නීතිපති

ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධ ගනුදෙනුවට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇතුළු සැකකරුවන් 11 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ අවසන් වාර්තාව...