27 C
Colombo
Wednesday, October 5, 2022

මැර පිරිසක් සේරුවිල විහාරය අල්ලගෙන – කොටපොළ අමරකිත්ති හිමි : එහෙම එකක් නැහැ – විහාරාධිපති අලුදෙණියේ සුබෝධි හිමි

- Advertisement -

කිසියම් මැර පිරිසක් විසින් බලහත්කාරයෙන් සේරුවිල මංගල රජ මහා විහාරයේ පාලනය අතට ගනිමින් කටයුතු කරන බවටත් ඔවුන් තමන්වහන්සේට සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට ඇතුළුවීමට පවා ඉඩ නොදෙන බවටත් මීට දින කිහිපයකට පෙර පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් මාධ්‍ය වෙත අදහස් පලකර තිබුණා.

උන්වහන්සේ පවසා සිටියේ සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ භාරකාරීත්වය නීත්‍යනුකූලව තමන් වහන්සේ වෙත පවරා ඇති නමුත් මෙම මැර පිරිස තමන් වහන්සේට භාරකාරත්වය දැරීමට ඉඩ නොදෙන බවයි.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් එල්ලකරන මෙම චෝදනාවට පිළිතුරු දෙමින් සේරුවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති ධුරය දරන පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් පවසන්නේ කොටපොල අමරකිත්ති හිමියන් විසින් සිදුකරන එම ප්‍රකාශය අසත්‍ය බවයි.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් ‍සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති ධූරයට ලොල්වී සිටින බවත් ඒ හේතුවෙන් එම විහාරස්ථානයේ නාදුනන මැරයන් 40 දෙනෙකු සිටින බවටත් සිදුකරන ප්‍රකාශ තරයේ හෙළා දකින බව පූජ්‍ය අලුදෙණියේ සුබෝධි හිමියන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන්ට අධිකරණ ගණනාවක වාරණ නියෝග පවතින බවත් උන්වහන්සේගේ අභූත ප්‍රකාශවලට නොරැවටෙන ලෙසටත් බෞද්ධ ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවත් නිවේදනයේ සදහන්.

සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි සේරුනුවර සරණකිත්ති හිමි අපවත්වීමෙන් පසුව එහි විහාරාධිපති ධූරය පිළිබදව 2016 වසරේදීත් ගැටළුවක් ඇතිවුණා.

ඒ සේරුනුවර සරණකිත්ති හිමි අපවත්වීමෙන් පසුව විහාරාධිපති ධූරයට පත්වූ පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් හා පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් අතරයි.

එම කරුණ සම්බන්ධයෙන් මුතූර් අධිකරණයේ නඩුවක්ද පවතින අතර ඊට අනුව එම විහාරස්ථානයට ඇතුළුවීම වළක්වමින් පූජ්‍ය ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් හට වාරණ නියෝගයක්ද පවතිනවා.

කෙසේ වෙතත් පසුගිය මැයි 11 වනදා සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මුංහේනේ මෙත්තාරාම හිමියන් අපවත්වූ අතර ඉන් අනතුරුව සේරුවිල නාහිමියන්ගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයෙක් වන පූජ්‍ය අලුදෙණියේ සුබෝධ හිමියන් නව විහාරාධිපති ලෙස මැයි 16 වනදා පත්කරගෙන තිබෙනවා.

ඉන් පසුව යළිත් ආචාර්ය කොටපොල අමරකිත්ති හිමියන් සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයට තවත් පිරිසක් සමඟ පැමිණ විහාරාධිපති ධූරය සම්බන්ධයෙන් ගැටුමක් ඇතිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ.


RECENT ARTICLES - SINHALA

නාමල් රාජපක්ෂටත් මන්දපෝෂණය..! – විමලවීර දිසානායක

මන්දපෝෂනය සම්බන්ධව ඇතැමුන් ගොඩ නගන තර්කය නිවැරදි නම් නාමල් රාජපක්ෂට මෙන්ම තමාට ද මන්දපෝෂණය තිබිය යුතු බව දිගාමඩුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන...

බුද්ධිමතුන්ව කපලා; මාවත් කපලා..! – දයාසිරි

කෝප් සහ කෝපා කමිටු වල සිටි බුද්ධිමතුන් පිරිස මෙවර ඉවත්කර ඇති බවත් තමාවත් ඉවත් කර ඇති බවටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල...

සිංගප්පූරුවෙදි අර්ජුන මහේන්ද්‍රන් එක්ක දවල්ට කෑවෙ නෑ..! – රනිල්

ජපානයට යන අතරතුර සිංගප්පූරුවේ දී කුප්‍රකට අර්ජුන මහේන්ද්‍රන් සමඟ තමා දිවා ආහාරය ගත් බවට පැතිර යන කට කතාව අමූලික බොරුවක් බව ජනාධිපති...

RECENT ARTICLES - ENGLISH

Tom Moody and Sri Lanka Cricket to part ways

0
Former Sri Lankan Head Coach Tom Moody, who joined Sri Lanka Cricket once again last year as the director of cricket for...

Temples to switch off lights on Poya Day to protest tariff hike?

0
A proposal has been presented to the Central Province Maha Sangha Sabha to turn off the lights within all temples across the...

Horrific details about captivity of 7 Sri Lankans by Russian soldiers revealed

0
A Ukrainian journalist and the Kharkiv region’s police have disclosed appalling details about the torture the seven Sri Lankans endured while they...