28.4 C
Colombo
Wednesday, July 9, 2025

ඇඟලුම් අපනයන ආදායමේ වර්ධනයක්

- Advertisement -

පසුගිය වසරේ මෙරට ඇඟලුම් අපනයන ආදායම 2023 වසර සාපේක්ෂව 5% කින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.76 දක්වා වර්ධනය වී ඇති බව මෙරට ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය විසින් නිකුත් කරන ලද තාවකාලික දත්ත වාර්තාවේ දැක්වෙනවා.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට සිදුකළ ඇඟලුම් අපනයනය 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී සමස්ථයක් ලෙස 5.23% කින් වර්ධනය වී ඉන් ලැබූ ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක් දක්වා ඉහළ ගොස් ඇති බවත් එක්සත් රාජධානිය හැර යුරෝපයට සිදුකළ ඇඟලුම් අපනයනය 0.81% කින් වර්ධනය වී ඉන් ලැබූ අදායම ඩොලර් බිලියන 1.4 දක්වා ඉහළ ගොස් ඇති බවත් එම දත්ත වාර්තාවේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාව එක්සත් රාජධානියට සිදුකළ ඇඟලුම් අපනයනයන් 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී 7.65% ප්‍රතිශතයකින් වර්ධනය වෙමින් ඉන් ලැබූ ආදායම ඩොලර් මිලියන 675 දක්වා ඉහළ ගොස් ඇති බවද එම දත්ත වාර්තාවල දැක්වෙනවා.

ඉහත රටවල් හැර අනෙක් රටවල්වලට සිදුකළ අපනයනයන්ද 2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී 10.13% කින් වර්ධනය වෙමින් ඉන් ලැබූ අදායම ඩොලර් මිලියන 778.4 දක්වා ඉහළ ගොස් ඇති බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය නිකුත් කළ දත්ත වාර්තාවේ සඳහන්.

ශ්‍රී ලංකාවේ ඇඟලුම් අපනයන ආදායම 2022 වසරේදී ඩොලර් බිලියන 5.6 ක් ලෙසත්, 2020 වසරේදී ඩොලර් බිලියන 5 ක් ලෙසත්, 2019 වසරේදී ඩොලර් බිලියන 5.3 ක් ලෙසත් සඳහන් වනවා.

2023 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී මෙරට ඇඟලුම් අපනයන ආදායම වර්ධනයක් පෙන්නුම් කළත් 2022 වසර සාපේක්ෂව එය පහළ යෑමක් ලෙසයි සටහන් වන්නේ.

RECENT ARTICLES - SINHALA

වාහන මිල ඉහළ යනු ඇතැයි අනතුරු ඇඟවීමක්

වාහන ආනයනය කිරීම සඳහා මෙම වසර සඳහා වෙන් කළ මුදලින් ඉතිරි වී ඇත්තේ ඩොලර් මිලියන දෙසීයක් පමණක් බවත් ඒ හේතුවෙන් ඉදිරියේදී වාහන මිල යළි...

විමල් CID කැඳවයි

ශ්‍රී ලංකා රේගුව විසින් බහාලුම් 323 ක් නිසි පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක්...

බොරැල්ලේ වෙඩිතැබීමක්

බොරැල්ල ලෙස්ලි රණගල මාවත ප්‍රදේශයේදී අද (08) රාත්‍රියේ වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ, පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇති...

POPULAR ARTICLES