31 C
Colombo
Friday, January 17, 2025

ලංකාවට ජපානයෙන් සහතිකයක්

- Advertisement -

ශ්‍රී ලංකාවට ලබා දෙන මූල්‍ය සහ තාක්ෂණික සහාය අඛණ්ඩව ලබා දෙන බව ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ උප සභාපති හාරා ෂෝහෙයි මහතා පවසනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනයේ (JICA) ජ්‍යෙෂ්ඨ උප සභාපති හාරා ෂෝහෙයි මහතා අතර ජනාධිපති කාර්යාලයේ අද (07) පැවති හමුවේදී මේ බව සඳහන් කර තිබුණා.

ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ පර්යන්තයේ සංවර්ධන කටයුතු පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක සියලු ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට සැලසුම් කර ඇති බව ද මෙහිදී සඳහන් කර තිබුණා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී ජපානය ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය මෙන්ම ඉදිරියේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය මූල්‍ය ආධාර ලබාදීමට ජයිකා සංවිධානය බලාපොරොත්තු වන බව හාරා ෂෝහෙයි මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

මෙරට ක්‍රියාත්මක ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන “Clean Sri Lanka”වැඩසටහන පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ උප සභාපතිවරයා එම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට සූදානම් බවද පැවසුවා.

මෙරට ප්‍රවාහන පද්ධතිය ප්‍රතිසංස්කරණය සහ නගර පවිත්‍රකරණ කටයුතු සඳහා ජයිකා සංවිධානය මගින් ලබාගත හැකි මූල්‍ය සහ භෞතික සහාය පිළිබඳව ද මෙම හමුවේ දී සාකච්ඡා කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලි ගාස්තු සංශෝධනය ගැන විශේෂ නිවේදනයක්

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වන්නේ, ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම විසින් නිර්දේශ කර...

අධිකරණයට අපහාස කළාට සුදාට නඩුවක්

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රංගන ශිල්පී සුදත්ත තිලකසිරිට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබෙනවා. රංගන ශිල්පී සුදත්ත තිලකසිරි විසින් පවත්වාගෙන යනු ලබන යුටියුබ් නාලිකාවක...

කාදිනල්හිමිගේ පෙත්සමකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

එක්ස්ප්රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය තුළින් පරිසරයට හා ධීවරයින්ට සිදුවූ හානිය වෙනුවෙන් වන්දි අය කර දෙන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල්...

POPULAR ARTICLES