32 C
Colombo
Tuesday, February 18, 2025

දේශපාලන සිරකරුවන් නිදහස් නොකළොත් හර්තාලයක්

- Advertisement -

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටින දෙමළ දේශපාලන සිරකරුවන් එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර නිදහස් කළ යුතු බවට උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන ආණ්ඩුවට බලකර සිටින බව මව්බිම පුවත්පත වාර්තා කරනවා.

මේ වනවිට යාපනය විශ්වවිද්‍යාල මහා ශිෂ්‍ය සංගමය ඇතුළු දේශපාලන පක්ෂ ගණනාවක් දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන්නැයි ඉල්ලමින් උතුර, නැඟෙනහිර පළාත් දෙක ම ආවරණය වන පරිදි මහජන පෙත්සමක් අත්සන් කිරීම ආරම්භ කර තිබෙන බවයි පැවසෙන්නේ.

දෙමළ ජාතික පක්ෂයේ ලේකම් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රි කේ. සිවාජිලිංගම් මහතා එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දට පෙර දෙමළ දේශපාලන සිරකරුවන් වත්මන් ආණ්ඩුව විසින් නිදහස් කළ යුතු බවට මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පවසා තිබෙනවා.

එසේ නිදහස් නොකළහොත් උතුර, නැඟෙනහිර පළාත් ආවරණය කරමින් අඛණ්ඩ හර්තාලයක් ක්‍රියාත්මක කරන බවද ඔහු පවසා තිබෙනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දක්වා දකුණේ නායකයෝ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව විටින් විට පවසමින් තම ජනතාව රැවටූ බවද ඔහු සඳහන් කරනවා.

පසුගිය ජනාධිපතිවරණවලදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට දෙමළ ජනතාව සහයෝගය ලබා දුන්නද ඔහුද ඒ වෙනුවෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැතැයිද කේ. සිවාජිලිංගම් මහතා චෝදනා කරනවා.

ආයුධ සන්නද්ධ අරගලයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවකරුවන්ට පවා ඉතිහාසයේ එක් පොදු සමාවක් හිමිවූ බව වත්මන් ආණ්ඩුවට මතක් කිරීමට කැමැති බවද සිවාජිලිංගම් සඳහන් කළා.

RECENT ARTICLES - SINHALA

හිටපු ඇමති ප්‍රියංකරට අධිචෝදනා

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතාට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා බාරදී තිබෙනවා. ඔහු සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ රුපියල් 494000/- ක...

කෙහෙළියට එරෙහි නඩුවක සාක්ෂි විභාගය පටන් අරන්

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හින්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන නඩුව අද...

එකඟෙයි හවුලට අභ්‍යන්තර අර්බුද බාධාවක් වෙලා

සමගි ජනබලවේගය පක්ෂය තුළ පවතින අභ්‍යන්තර අර්බුද හේතුවෙන් එක්සත් ජාතික පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවලට බාධා එල්ල වී තිබෙනවා. එළැඹෙන මැතිවරණවලදී එක්ව තරග කිරීම සඳහා එක්සත්...

POPULAR ARTICLES