තම සංවිධානයේ ඡ්‍යේෂ්ඨ අණ දෙන නිලධාරියෙක් වූ ෆුවාඩ් ෂුක්ර් ඊශ්‍රායල ප්‍රහාරයකින් මියගිය බව හිස්බුල්ලා සංවිධානය නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.
ඔහු ලෙබනනයේ බේරූට් නුවර හිස්බුල්ලා අණසක යටතේ පවතින ප්‍රදේශයකදී බදාදා පාන්දර එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ, ඔහු නිදාසිටි ගොඩනැගිල්ලේ කාන්තාවන් දෙදෙනෙක් සහ දරුවන් දෙදෙනෙක්ද එම ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇති බවයි.
එම ප්‍රහාරයෙන් පැය කිහිපයකට පසුව ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ද මියගියා.
ඔහුව ඝාතනය කර තිබුණේ ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් හි නිවසකට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින්.
මෙම ඝාතන හේතුවෙන් මැද පෙරදිග යුද උණුසුම වැඩිවී ඇති බව දේශපාලන විචාරකයෝ පවසනවා.