31 C
Colombo
Wednesday, March 19, 2025

බඩු මිල තවත් ඉහළ යාමක් ගැන ඉඟියක්

- Advertisement -

භාණ්ඩ මිල තවදුරටත් ඉහළ යා හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ, අද පැවති මාධ්‍ය හමුවක් අමතමින්.

දැනටමත් භාණ්ඩමිලේ ඉහළ යාමක් පවතින බව පිළිගන්නා අතර ඒ සම්බන්ධව කැබිනට් රැස්වීමේදීද දිගින් දිගටම සාකච්ඡා වූ බවයි ඔහු පවසන්නේ.

කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවූ ගෝලීය ගැටළුවක් බැවින් මිල පාලනය අපහසු බවත් මේ වන විටත් රජය විසින් ලබා දිය හැකි සහන විශාල ප්‍රමාණයක් ලබා දී ඇති බවත් ඔහු පවසනවා.

ඒ අනුව, ගෑස්, සීනි සහ කිරිපිටි මත පැනවූ බදු ඉවත් කරගැනීමට රජය කටයුතු කර ඇති බවති ඔහු පෙන්වා දෙන්නේ.

සහන දීම හරහා රාජ්‍ය ආදායමද පහළ ගොස් ඇති බැවින් වත්මන් යතාර්ථය අවබෝධ කරගත යුතුව ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

Breaking: ආරක්ෂාව ඉල්ලූ මහින්දගේ පෙත්සම විසි කරලා

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කර තිබෙනවා. නිසි ඇගයීමකින් තොරව තමන්ට ලබාදී තිබූ...

POPULAR ARTICLES

Breaking: දේශබන්දු තෙන්නකෝන් රිමාන්ඩ්

2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ සිදුවු වෙඩිතැබීමට අදාළව වරෙන්තු ලබා සිටි පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා හෙට (20) දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. පොලිස්පති...

ගාල්ල නගර සභාව රුපියල් කෝටියක් පැත්තකට දාලා

ගාල්ල මහනගර සභා බල ප්‍රදේශය තුළ  ප්‍රදර්ශනය කොට ඇති ස්ථිර දැන්විම් පුවරු 401ක් වෙනුවෙන්  අයවිය යුතු රුපියල් 13,904,589 ක් නගර සභාව අයකොට නොතිබු බව...

දේශබන්දු ගැන ඇමති ආනන්දගෙන් කරුණු දැක්වීමක්

අධිකරණයට භාරවූ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද (19) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළා. එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ, දින කිහිපයක සිටම...