24 C
Colombo
Saturday, May 24, 2025

නවසීලන්තය හමුවේ ඉන්දියාවට ඉතිහාසගත පරාජයක්

- Advertisement -

ඉතිහාසයේ පළමු වරට නවසීලන්ත කණ්ඩායම ඉන්දියාවේ දී ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත්ව තිබෙනවා.

ඒ ඉන්දීය කණ්ඩායම සමග පැවති දෙවන ටෙස්ට් තරගය ලකුණු 113කින් ජයගැනීමට ඔවුන් අද සමත්වීමත් සමගයි.

2012 වසරට පසුව ඉන්දීය කණ්ඩායම තම රටේදී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත්වූ පළමු අවස්තාව මෙය වීම ද විශේෂත්වයක්.

පූනේ හිදී අද (26) අවසන් වූ දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිම සඳහා නවසීලන්තය ලකුණු 259ක් ලබාගත් අතර ඉන්දීය කණ්ඩායමට පළමු ඉනිමේ දී ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණයි.

නවසීලන්තය දෙවන ඉනිම සඳහා ලකුණු 255ක් ලබාගැනීමත් සමග තරගයේ ජයග්‍රහණය සඳහා ඉන්දියාවට ලකුණු 359ක ඉලක්කයක් හිමිවුණා.

කෙසේවෙතත්, එම ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 245ක් පමණයි.

විශිෂ්ට පන්දුයැවීමක නිරත වූ මිචෙල් සැන්ට්නර් ඉනිම දෙකේ දී කඩුළු 13ක් බිඳහෙළීමට සමත්වුණා.

RECENT ARTICLES - SINHALA

කෙහෙල්බද්දර පද්මේට හොර පාස්පෝට් හදලා

ආගමන විගමන පාලක ජනරාල්වරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර විදේශ ගමන් පත්‍ර ලබා ගැනීමේ සිද්ධියකට අදාළව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ,ආගමන විගමන පාලක ජනරාල්වරයා...

මැයි මාසයේ මුල් දින 21ට සංචාරකයින් අනූදහසක් ඇවිත්

මෙම මාසයේ මුල් දින 21 තුළ මෙරටට පැමිණි විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 90,000 ඉක්මවා ගොස් තිබෙනවා. සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ මේ මාසයේ මුල් දින 21 තුළ...

හෙට පැය 12ක ජල කප්පාදුවක්

කොළඹ නගරය ඇතුළු ප්‍රදේශ රැසකට පැය 12ක කාලයක් හෙට (25) දිනයේ ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. අඹතලේ ජල පවිත්‍රාගාරයේ...

POPULAR ARTICLES