25 C
Colombo
Thursday, April 18, 2024

උද්ධමනයේ ඓතිහාසික වැඩි වීමක්

- Advertisement -

ජාතික පාරිභෝගික මිල දර්ශකයේ අගය ජනවාරි මාසයේදී 16.8%ක් ලෙස සටහන් වූ බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

එය මෑත කාලයේ වාර්තාකළ වැඩිම අගය බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. 2021 දෙසැම්බර් මාසයේ එම අගය සටහන් වූයේ 14%ක් ලෙසයි.

මේ අතර ආහාර උද්ධමනය සියයට 24.4කින් ඉහළ ගොස් ඇති බවද ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා.

ආහාර ද්‍රව්‍ය වල සහ එම ගණනය සඳහා භාවිත කෙරෙන ආහාර නොවන කාණ්ඩයේ මිල වැඩිවීම උද්දමනය මෙලෙස වර්ධනය වීමට හේතුව බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන අතර සහල්, කිරිපිටි, නැවුම් පලතුරු, නැවුම් මාළු, තිරිඟු පිටි, පාන්, එළවළු, පොල්තෙල්, කුකුල් මස්, මිරිස් කුඩු, වියළි මිරිස්, අමු මිරිස්, මයිසූර් පරිප්පු, ළදරු කිරිපිටි, පොල්, වියළි ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ ගොස් ඇති නමුත්, දෙහි සහ බිත්තර සඳහා දර්ශක අගයන්හි අඩුවීමක් වාර්තා විය.

RECENT ARTICLES - SINHALA

හිරුණිකාට අභියාචනාධිකරණයෙන් නොතීසි

අභියාචනාධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය වෙත නොතීසි නිකුත් කර තිබෙනවා. මැයි මස 08 වනදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස එම...

ගෝඨාභයගේ පොරොන්දුවලට මම එක පාරක් රැවටුණා – කාදිනල් හිමි

එක් වතාවක් ගෝඨාභය රාජපක්ෂ මහතා දුන් පොරොන්දුවක් හේතුවෙන් තමා රැවටීමට ලක් වූ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් අගරදගුරු...

අරණායක – මාවනැල්ල ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

අරණායක - මාවනැල්ල ප්‍රධාන මාර්ගය කප්පාගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා. අධික වර්ෂාවත් සමඟ ගසක් කඩාවැටීම හේතුවෙන් මෙලෙස එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇති බවයි වාර්තා...

POPULAR ARTICLES

අද ඩොලරය

එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අද (15) ස්ථාවර මට්ටමක පවතිනවා. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික...

සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග...

සෞඛ්‍ය අංශවලින් දැනුම් දීමක්

උත්සව සමයේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පූර්ණ කැපවීම හා දායකත්වය යටතේ රෝගී සත්කාරක සේවා කාර්යක්ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පියවර ගෙන ඇති බව සෞඛ්‍ය...