28.9 C
Colombo
Thursday, July 10, 2025

ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක්

- Advertisement -

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වුණු තෙවැනි ටෙස්ට් තරගයේදී සත්කාරක එංගලන්ත කණ්ඩායම පරදවා කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ලකුණු 219ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය සපුරා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නොදැවී ලකුණු 127යි.

සිය 11වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කළ පැතුම් අද (09) වාර්තාකළේ සිය 2 වන ටෙස්ට් ශතකය යි.

ඔහුට අනගි සහායක් ලබාදුන් ඇන්ජලෝ මැතිව්ස් නොදැවී ලකුණු 32ක් වන අතර, ඔවුන් දෙදෙනා තුන්වැනි කඩුල්ල සඳහා රැස්කළ ලකුණු ගණන 111ක්.

මෙම තරගය ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වූ අතර, තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2 – 1ක් ලෙස ජයගැනීමට එංගලන්තය සමත් වුණා.

මෙය 2014 වසරට පසුව ශ්‍රී ලංකාව එංගලන්තයට එරෙහිව වාර්තා කළ පළමු ටෙස්ට් ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙනවා.

ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා ගේ ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා ලකුණු 325 ක් රැස්කළා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 263ක් රැස්කළා.

නමුත් එංගලන්ත කණ්ඩායමට සිය දෙවැනි ඉනිම සඳහා ලබාගත හැකිවූයේ ලකුණු 156ක් පමණයි.

මෙය ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේදී ලැබූ සිව්වන ටෙස්ට් තරග ජයග්‍රහණය වනවා.

RECENT ARTICLES - SINHALA

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

ඔටිසම් සහ ස්නායු ගැටලුවලින් පෙළෙන ළමුන් සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන

ඔටිසම් තත්ත්වය සහ ස්නායු සංවර්ධනය පිළිබඳ ගැටලුවලින් පෙළෙන ළමුන් වෙනුවෙන් ප්‍රතිකාර හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා ජාතික මට්ටමේ යාන්ත්‍රණයක් සකස් කිරීමේ යෝජනාවක් සති...

POPULAR ARTICLES

අමෙරිකාවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ලබා දෙන්න එකඟතාවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි ජේ.චංග් මහත්මිය අතර හමුවක් අද (10) පස්වරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය...

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ පනත් කෙටුම්පත පිළිබඳ සාකච්ඡාවක්

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ පනත් කෙටුම්පත හා වැඩපිළිවෙල සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයින් හා බලශක්ති අමාත්‍යවරයා අතර සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යංශයේදී පැවැත්වුණා. මෙහිදී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය...

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පළමු විස්සයි20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා. පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ...