25 C
Colombo
Wednesday, February 19, 2025

සෝමාවතී පුදබිමට රෝහලක්

- Advertisement -

ඵෙතිහාසික සෝමාවතී රජ මහා විහාරස්ථාන පුද බිමේ “ නව පර්යන්ත රෝහලක් ” ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

ඊට අදාළව විශේෂ සාකච්ඡාවක් ඊයේ දින (19) පස්වරුවේ සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් ප්‍රධානත්වයෙන් මෙන්ම අනුශාසකත්වයෙන්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් සෝමාවතී රජමහා විහාරස්ථානයේදී පැවැත්වුණා.

දෛනිකව සෝමාවතී පුද බිම වන්දනා කිරීමට 1000 ආසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණෙන බවත්, පොහෝ දිනයන් හිදී එම ප්‍රමාණය 50000 ඉක්මවන බවත්, පොසොන්, ඇසල පොහෝ දිනයන් හිදී ලක්ෂයකට අධික බැතිමතුන් සෝමාවතිය වන්දනාමාන කිරීමට පැමිණෙන බවත්, එහිදී හදිසි රෝගී තත්ත්වයන්ට පත්වන බැතිමතුන්හට ප්‍රතිකාර කිරීම සඳහා පොලොන්නරුව මහ රෝහලට ‍ගෙන යායුතු බවත් සෝමාවතිය රජ මහා විහාරයේ විහාරාධිපති, සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් විසින් මෙහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව, නව රෝහල ඉදිකිරීමෙන් බැතිමතුන්ට විශාළ සේවාවක්, සහනයක් සිදුවන බව ශ්‍රී සුමංගල නාහිමියන් පවසනවා.

පොලොන්නරුව මහ රෝහල වෙත රෝගී වන බැතිමතුන් ප්‍රවාහනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත පොලොන්නරුව මහ රෝහ‍ලෙන් ගිළන්රථ දෙකක් මේවන විට විහාරස්ථාන භූමියේ සිට සේවාවන් සිදුකරන බවද, සුංගාවිල, කටුවන්වල, ගල්කන්ද, කන්දකාඩු යන අවට ගම්මාන වල වෙසෙන ජනතාවටත් මෙම නව රෝහල ඉදි කිරීමෙන් ප්‍රතිකාර සේවාවන් ලබා ගැනීමේ හැකියාව පවතින බවද විහාරාධිපති හිමියන් වැඩිදුරටත් මෙහිදී පෙන්වා දුන්නා.

RECENT ARTICLES - SINHALA

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...

ජාතික ජන බලවේගය අද කොමිසමට

ජාතික ජන බලවේගය පක්ෂ නායකයින් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතව තිබෙනවා. පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පිරිසක් ඒ සඳහා එක්වීමට නියමිත බව...

POPULAR ARTICLES

ආනයනික ටෙලි නාට්‍යවලින් බදු අය කරන්න මණ්ඩලයක්

ආනයනික ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා වූ බදු අය කරගැනීමට අදාළ සමීක්ෂණ මණ්ඩලය සඳහා සමාජිකයන් පත්කිරීම සිදුකර තිබෙනවා. එම අමාත්‍යාශය සඳහන් කළේ, ඒ අනුව...

චමරි WPL තරගාවලියෙන් ඉවතට

මේ වනවිට ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක්ව සිටින ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු තරගාවලියේ අවසන් අදියරට පෙර ඉන් ඉවත්වීමට නියමිතයි. ඒ ශ්‍රී...

පැය 24ම ඇරලා තියෙන පාස්පෝට් කන්තෝරුව

ආගමන - විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය අද සිට පැය 24 පුරා විවෘත කර, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරිීමට පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය...